යුක්රේන කෙල්ල වැලිකඩදී කුඩු නැතිව පිස්සු වැටිලා සිංහලෙන් කෑගහලා

පසුගියදා අධිකරණයේදී දරුවෙකු ඝාතනය කිරීම නිසා මරණ දඬුවමට නියමවූ යුක්රේන ජාතික යානා බි‍්‍රෂියානා නමැති තරුණිය අධික ලෙස මත්කුඩුවලට ඇබ්බැහිවීම නිසා වැලිකඩ බන්ධනාගාරයේ පිස්සු නටන බව ආරංචි වනවා.
ඇය මිනීමැරුමට සැකපිට 2010 වසරේ සිට වසර 4 ක කාලයක් වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රඳවා සිටින අතර එහි පිරිමි අංශයේ මිනීමැරුමේ අනික් චූදිත ඇගේ සැමියාද රඳවා සිටිනවා. ඇය මුල් කාලයේ බන්ධනාගාරයේදී මිතුරුවී ඇත්තේ මත්කුඩු වරදකට සිරගතවූ රූපවාහිනී වෙළෙඳ දැන්වීම් සඳහා පෙනීසිටි සිංහල නිරූපිකාවක සමගයි.
එම නිරූපිකාවද අධික ලෙස මත්කුඩු වලට ඇබ්බැහිවී සිටි අතර ඇය නීති විරෝධී ක‍්‍රම වලින් බන්ධනාගාරය ඇතුළට මත්කුඩු ගෙන්වාගෙන
නිරන්තරයෙන් ඒවා ලබාගන්නා අතර විදෙස් මිතුරිය බි‍්‍රෂියානාටද ඒවා පුරුදු කර ඇත.
පසුගියදා යුක්රේන යුවළ අධිකරණයට කැඳවා නඩුවේ තීන්දුව ලබාදුන්නේ දෙදෙනාටම මරණ දඬුවම නියමකරමිනි. මේ නිසා නැවත ඇය වැලිකඩට ගිය පසු ඇයව රඳවා ඇත්තේ මරණ දඬුවමට නියමවූවන්ගේ විශේෂ කුටියකය.
මේතාක් කාලයක් රිමාන්ඞ් සැකකාරියක ලෙස බන්ධනාගාරයේ ඇයට පැවති ලිහිල් නීති අහෝසිවී ගිය නිසා ඇයට පෙර මෙන් මත්කුඩු ලබාගන්නට නොහැකිවී ඇත. මේ නිසා පසුගිය දින කිහිපය තුළ ඇය උමතුවෙන් හැසිරී ඇතැයි බන්ධනාගාර ආරංචි වාර්තා කරනවා. තමාට මත්කුඩු ගෙනවිත් දෙන ලෙස
‘මට කුඩු ටිකක්  ඕනේ..ගෙනත් දියෝ..’ යනුවෙන් ඇය සිංහලෙන් කෑගසා ඉල්ලන බව සේවකයින් පවසනවා.
වෙනත් කුටියක රඳවා සිටින රූපවාහිනී නිරූපිකාවගේ ඇසුරද ඇයට දැන් අහිමිව ඇති අතර වසර හතරක් තිස්සේ පැවති එම ඇසුර නිසා මත්කුඩු භාවිතය පුරුදුවූවා සේම ඇයට සිංහල භාෂාවද ඉගෙන ගන්නට ලැබී තිබුණ බව කියැවුණා.
යුක්රේන ජාතික කාන්තාවගේ සැමියා මරණ දඬුවම නියමවීමෙන් පසු චැපල් වාට්ටුවට යොමු කර ඇත.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි