කටුනායකදී බිස්කට් පෙට්ටියකින් බිලිඳෙක් හමුවෙයි

අලූත උපන් පිරිමි දරුවකු බිස්කට් පෙට්ටියක දමා කටුනායක ආඬිඅම්බලම ප‍්‍රදේශයේ මාර්ගය අසල දමා ගොස් තිබියදී 12 වැනිදා උදේ 8.30 ට පමණ සොයා ගත් බව කටුනායක පොලිසිය පවසයි.
පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මෙම බිළිඳා සොයා ගෙන තිබේ.

බිළිඳා වැඩිදුර ප‍්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. රෝහල් ප‍්‍රකාශකයකු සඳහන් කළේ බිලිඳා යහපත් ශරීර සෞඛ්‍යයෙන් පසුවන බවය. මෙම බිළිඳාව ඇ`ගලූම් කම්හල් සේවිකාවක විසින් ප‍්‍රසූත කර දමා යන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
බිළිඳා දමා ගිය අය සොයා කටුනායක පොලිසිය පුළුල් පරීක්ෂණයක් අරඹා ඇත.
ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්