සේවිකාවන්ට කොට ගවුම් අන්දන විදුහල්පති

පළාත් සභා යටතේ පාලනය වන පාසල්වල සේවය කරන අධ්‍යාපන අනධ්‍යයන සේවිකාවන්ට ඇතැම් විදුහල්පතිවරුන් කොට ගවුම් අඳින ලෙස බලපෑම් කරන්නේ යැයි අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න මහතා පවසයි. අධ්‍යාපන
අනධ්‍යයන සේවකයන්ගේ සේවා මුරය අවසන් වන්නේ සවස 3.45ට බැවින් සවස 1.30ට පාසල නිමාවූ පසු විදුහල්පති සමග එම සේවිකාවන්ට පාසලේ රැුඳී සිටීමට සිදුව ඇතැයි පවසන ඒ මහතා එවැනි අවස්ථාවන්දී ඇතැම්
විදුහල්පතිවරුන් මොවුන්ට අයුතු බලපෑම් කරන්නට පෙලඹී ඇති බවත් කීය.

පාසල් නිවාඩුව අධ්‍යාපන අනධ්‍යයන සේවකයන්ට හිමි නැති බව පැවැසූ ඒ මහතා එම නිවාඩු කාලයේදී විදුහල්පතිවරු පාසලට පැමිණෙන බැවින් අනධ්‍යයන සේවිකාවන්ට විදුහල්පතිවරුන් සමග පාසලේ රැුඳී සිටීමටසිදුවන බවත් එවැනි අවස්ථාවලදී
මානසික විකෘතිභාවයෙන් පෙළෙන ඇතැම් විදුහල්පතිවරුන් මේ සේවිකාවන්ට අයුතු බලපෑම් කරන බවත් කීය.

පෙනුමැති සේවිකාවන්ට වැඩිපුර මෙවැනි හිංසාවලට මුහුණදීමට සිදුව ඇතැයි පවසන තිලකරත්න මහතා දකුණු, වයඹ, උතුරුමැද, ඌව ඇතුළු පළාත් කිහිපයකින් එවැනි සිද්ධි පිළිබඳ පැමිණිලි රැුසක් තම සංගමයට ලැබී ඇති බවත් පැවැසුවේය. මේ සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙස දන්වා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් යොමුකරමින් පාසල් නිවාඩු කාලවලදී හා පාසල් වේලාවෙන් පසුව මේ සේවිකාවන්ට යම් සහනයක් ලබාදීමට සුදුසු වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කරන ලෙසත් පාසල් දරුවන් සිටින ස්ථානයක සිටින සියලූ සේවිකාවන් සාරියකින් සැරැුසී සේවයට වාර්තා කළ යුතු බවට චක‍්‍රලේඛයකින් අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙසත් අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය ඉල්ලීමක්ද කර ඇත.

ටෙෂාරි නලින්දිකා කරනායක

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්