පාකිස්තානයෙන් ලංකාවට කුඩු කිලෝ 100ක්

ලංකාව පුරා බෙදා හැරීමේ සූදානමින් පාකිස්තානයේ කරච්චි නුවර සිට ගෙනැවිත් ඇති
රුපියල් කෝටි 100ක් පමණ වටිනා හෙරොයින් තොගයක් අඩංගු කන්ටේනරයක් රේගුවේ දැඩි අවදානම් බහාලූම් අංගණයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
රේගුව පවසන අන්දමට මේ හෙරොයින් තොගයට හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 100ක් පමණ අඩංගුය.
මෙම කන්ටේනරය පාකිස්තානයේ කරච්චිහි සිට පසුගිය 6දා මෙරටට ළ`ගා වූවක් නිසා එය නවතා තිබූ බව රේගු මාධ්‍ය හා නීති අධ්‍යක්ෂ ලෙස්ලි ගාමිණී මහතා පැවැසීය.
රේගු නිලධාරීන්ට මතුවූ සැකයක් මත රේගු මත්ද‍්‍රව්‍ය අංශයේද සහාය ඇතිව එම කන්ටේනරය විවෘත කර බැලූ අවස්ථාවේදී එහි වූ ඬමෝල්ඩින් යන්ත‍්‍රඬ තුනක් තුළ තිබී කිලෝව බැගින් වන සේ පැකට් කරන ලද හෙරොයින් තොගය හමුවූ බවද රේගු මාධ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මෙම කන්ටේනරය ලියාපදිංචි කරන ලද කොළඹ ප‍්‍රදේශයේ පෞද්ගලික සමාගමක් මගින් ගෙන්වා ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇති බවයි.
මෙම කන්ටේනරය මෙරටට ගෙන්වූ බව කියන පුද්ගලයා සහ නිශ්කාශන නිලධාරීන් දෙදෙනකු රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බවද රේගු මාධ්‍ය අධ්‍යක්ෂවරයා පැවැසීය.

මෙම කුඩු තොගය කවුරුන් සඳහා ගෙන්වූවක්ද යන්න ගැන සෙවීමට රේගුව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
පේ‍්‍රමලාල් විජේරත්න

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්