පලවෙනි සිගරට් උගුර බොන කොට දරුණු කැස්සක් එනවා -පියුමි

රන්ජා චිත‍්‍රපටයේ ස්වර්ණා අක්කා නිසා පියුමිට දරුණු කට කතාවක් හැදිලා තියෙනවා කියලා දන්නවාද?

කට කතා නම් ගොඩක් හැදිලා තිබුණා. ඔයාට ආරංචි වෙච්ච එක කියන්නකෝ බලන්න.

පියුමි සිගරට් බොන්න පටන් අරගෙන කියලා?

චිත‍්‍රපටයේ එක්තරා දර්ශනයකදී තියෙනවා ස්වර්ණා අක්කා සිගරට් එකක් බොන. ඒක දැකලා මගේ ඊර්සියාකාරයෝ ඔය කට කතාව හදන්න ඇති.

පියුමි එදා රූගත කිරීමේදී ඇත්තටම සිගරට් බිවවද?

ඔව්.

කවුද ඔබට දුම් පානය පුරුදු කලේ?

ශ‍්‍රීමාල් වෙඩිසිංහ.

කොහොමද ඒ අත්දැකීම?

පළමුවැනි උගුර බොනකොට දරුණු කැස්සක් ආවා.

මේ දර්ශනය මගින් ඔබේ
ප‍්‍රතිරූපයට හානියක් සිදු වෙනවා යැයි හිතුණේ නැද්ද?

කොහෙත්ම නැහැ. මේක චිත‍්‍රපට දර්ශනයක් පමණයි. අනික මම නෙවේ මෙහෙ සිගරට් එකක් බොන්නේ ස්වර්ණා අක්කා.

ඔබට ඒ දර්ශනය නැතුව චිත‍්‍රපටයේ පෙනී සිටින්න තිබුණනෙ?

ඒ දර්ශය ප‍්‍රතික්ෂේප කරන්න තිබ්බා ස්වර්ණා කියන්නේ මල් ගවුමක් ඇඳගෙන කොණ්ඩ කරල් දෙකක් බැඳ ගත්තු ගමේ කෙනෙක් නම්. අන්න එතකොට ඒ දර්ශනය අතාත්ත්විකයි. ස්වර්ණා තනිකරම විලන් කෙනෙක්නේ. එතැනට ඒ දර්ශනය සුදුසුම සුදුසුයි. මං ඒ සීන් එක අයින් කරන්න කිව්වා නම් චිත‍්‍රපටයට කෙරෙන දැඩි අසාධාරණයක්.

මා දන්නා පරිදි ඔබ දුම්වැටි විරෝධී කෙනෙක්?

ඔව්.

එහෙම කෙනෙක් මෙහෙම චරිතයක් ර`ගපෑම හරිද?

මං සැරයක් කිව්වනේ මේක චිත‍්‍රපට දර්ශනයක් විතරයි කියලා. අනික මේ මං සිගරට් බීපු ෆස්ට් ඇන්ඞ් ලාස්ට් ටයිම්.

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්