විදේශීය දැරිය සිපගත්ත මාතර ඔරුකාරයා

  සිය මව සමග සංචාරය සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණ අනතුරුව මාතර පොල්හේන ප‍්‍රදේශයට පැමිණ හෝටලයක නතරව සිටි 13 හැවිරිදි දැරියක පොල්හේන මුහුදු තීරයේදී 20 වැනිදා පුද්ගලයකු විසින් සිපගැනීමට උත්සාහ ගැනීමේ සිද්ධියක්
සම්බන්ධයෙන් මාතර පොලිසිය පරීක්ෂණ පවත්වයි.
මෙම විදේශීය කාන්තාව සහ දියණිය ලංකාවට
පැමිණි කාලය දින 06 ක් වන අතර සිද්ධිය වූ දින ඔවුන් පොල්හේනට පැමිණ ඇති බවට වාර්තා වෙයි. පසුව දැරිය පොල්හේන මුහුදේ නාමින් සිට ඇත. එම අවස්ථාවේ මුහුදේ ඔරුවක් පැදගෙන පැමිණි සැකකරු ඇය වෙත පැමිණ ඔරුව ගොඩට ගැනීමට සහයෝගය දෙන ලෙසට ඉල්ලා ඇතැයි ද එම අවස්ථාවේදී දැරිය සිපගැනීමට සැකකරු උත්සාහ ගෙන ඇතැයි ද පසුව ඇය බේරී දුවගොස් මවට පවසා ඇති බවට ද වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් මාතර පොලිසිය පරීක්ෂණ පවත්වයි.

මාතර - චන්ද‍්‍රදාස කොඩිතුවක්කු

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි