රත්මලාන පත්තරේ අකවුන්ටන්ට් කාමර අඩස්සියේ 119 බේරලා

රත්මලාන ප‍්‍රදේශයේ පිහිටා ඇති බව කියන පුවත්පත් ආයතනයක ප‍්‍රධාන කාර්යාලයේ ගණකාධිකාරිනියක කාමර අඩස්සියේ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගියදා ගල්කිස්ස පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.
එම සේවිකාව කාර්යාලයට ඉල්ලා අස්වීමේ ලිපියක් ලබාදී ඇති අවස්ථාවක ඇය ලවා කිසියම් ලියුමකට අත්සන් ලබාගැනීමට පාලන

අධිකාරිය කටයුතු කර තිබුණ බවත් එයට නොකැමැත්ත පළකිරීම නිසා ඇයට කාර්යාලයෙන් පිටට යාම තහනම් කර කාමරයේ දොරගුළු දමා සිරකර තිබුණ බවත් වාර්තා වුණා. මේ හේතුවෙන් 119 හදිසි ඇමතුම් ඒකකයට දන්වා ඇය කාර්යාලයට ගල්කිස්ස පොලිසිය කැඳවා ඇති අතර එම අවස්ථාවේ කලබලයක් හටගෙන ඇත. පාලනාධිකාරියත්  ඇයත් පොලිසියට කැඳවීමෙන් පසු ප‍්‍රශ්නය විසඳන්නට ගල්කිස්ස පොලිසිය මැදිහත්ව තිබෙනවා.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි