සටන්කාමීන්ගේ ඉලක්කය පුටින් ඝාතනය බවට සැකයක්
ඊයේ මිසයිල ප‍්‍රහාරයක් මගින් යුක්රේනයට ඇද වැටුණ එම්එච් 17 මගී ගුවන් යානය පහරදී විනාශ කිරීම වැරදී ගිය ඉලක්කයක් බවත් සටන් කාමීන් ඇත්තටම බලාපොරොත්තුවූයේ එතැනින් ටික වේලාවකට පසු ගමන් කළ රුසියානු නායක ව්ලැදිමිර් පුටින් ඝාතනය කිරීම බවට මේ වනවිට සැකයක් මතුවී තිබෙනවා.
‘රෂියා ටුඬේ’ පුවත් වාර්තා මගින් කියැවුනේ මැලේසියානු යානය ගමන්ගත් ගුවන් අවකාශයේම ඊට මිනිත්තු 37 කට පසු බ‍්‍රසීලයේ සිට රුසියාව වෙත පුටින් ගමන් කළ බවත් එම යානයේ පැහැය හා හැඩය මැලේසියානු යානයට සමානකම් පැවතීම නිසා සටන්කාමීන්ට වැරදී පුටින් යන යානය යයි සිතා මගී යානයකට මිසයිල එල්ල කර ඇති බවත්ය.
අනතුර සිදුවන අවස්ථාවේ මොස්කව් වේලාව හවස 3.44 වූ අතර පුටින්ගේ යානය එතැනින් යන අවස්ථාවේ මොස්කව් වේලාව හවස 4.21 වී තිබුණා. රුසියානු නායක පුටින් බ‍්‍රසීලයේ පැවති බි‍්‍රක් සමුළුවට ගොස් නැවත සිය රට එමින් සිටින අතර මෙම අනතුර දැනගන්නට ලැබී තිබුණා.
කෙසේ වෙතත් රෂියා ටුඬේ පුවත් වාර්තාව රුසියාවේම ඇතැම් මාධ්‍ය මගින් ප‍්‍රතික්ෂේප කරන අතර එම තොරතුරු මේ වනතුරු රුසියානු රජය තහවුරු කර නැත.
මේ අතර අනතුරින් පසු ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියේ ඉන්දියාවේ නව අගමැති නරේන්ද්‍ර මෝදිත් මෙම ස්ථානය පසුකර පියාසර කර ඇති බවත් එම මොහොත වනවිට අනතුර සිදුවී පැයකට වඩා වැඩි කාලයක් ගතව තිබුණ බවත්ය.