ඇල්ජීරියානු යානයේ සුන්බුන් මාලියෙන් හමුවේ

බර්කිනා ෆාසෝ රටේ සිට ඇල්ජීරියාව බලා පුද්ගලයන් 116 දෙනෙකු සමග ගමන් කරමින් සිටියදී ඊයේ අතුරුදන් වූ ගුවන් යානයේ සුන්බුන් මාලි රාජ්‍යයේ ගෝසි පළාතෙන් හමුවුණ බව ප‍්‍රංශ ජනාධිපති කාර්යාලයෙන් විදෙස් මාධ්‍ය වෙත දන්වා සිටිනවා.
ඊයේ රාත‍්‍රි කාලයේදි ප‍්‍රංශය ඇතුළු රටවල් ගණනාවක් ඉදිරිපත්වී මෙම යානයේ සුන්බුන් සෙවීමේ කටුයතු වල

නිරතවුවත් එය සොයාගන්නට බැරිවිය.
මෙම යානයේ ගමන් කළ වැඩිදෙනා ප‍්‍රංශ ජාතිකයින් වූ අතර දෙවැනියට වැඩිම පිරිස බර්කිනා ෆාසා ජාතිකයින්ය.
යානයේ සියලූ දෙනා ජීවිතක්ෂයට පත්වන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට

මම විධායක ජනාධිපතිකම දින 100 කින් අහෝසි කරනවා - මෛත‍්‍රිපාල