ඉන්දියාවේ හෙලිකොප්ටරයක් කඩා වැටී 7 ක් මරුට

අසාමාන්‍ය ගුවන් අනතුරු පුවත් මාලාවට තවත් එකක් එකතු කරමින් අද (25) සන්ධ්‍යාවේ ඉන්දීය හෙලිකොප්ටරයක් කඩා වැටී 7 දෙනෙකු මරුමුවට පත්ව තිබෙනවා.
ඉන්දියාවේ උත්තර ප‍්‍රදේශ්හි සිත්පුර් ප‍්‍රදේශයේ මෙම අනතුර සිදුව තිබෙනවා. ඉන්දීය ගුවන් හමුදාවට අයත් මෙම හෙළිකොප්ටරය බරෙයිලි සිට අලහබාද් වෙත පියාසර කරමින් සිට ඇත.හෙලිකොප්ටරයේ ගමන් ගත් 7 දෙනාගෙන් දෙදෙනෙකු ගුවන් හමුදාවේ ඉහළ නිලයන් හෙබවූ අය බවද වාර්තා වනවා.

Popular posts from this blog

ශ‍්‍රී ලංකන් ගමන් මළු බර කිලෝග‍්‍රෑම් 15 කින් වැඩි කරයි

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට