ලොකු අම්මා එලවූ ත‍්‍රීවිලරයට අවුරුදු අටේ පුතා බිලි
සිය ලොකු අම්මා විසින් පණ ගන්වන ලද ත‍්‍රිරෝද රථයේ ගැටී අට හැවිරිදි දරුවකු පසුගිය 19 දා සවස මිය ගොස් තිබේ.
මියගොස් ඇත්තේ බළපිටිය ගල්මන්ගොඩ හපුගහතොට පදිංචිව සිටි බළපිටිය රේවත ජාතික පාසලේ 3 වන ශේණියේ අධ්‍යාපනය ලැබු ඌරලගේ ශෙහාන් මධුසංඛ (08* නමැති පිරිමි දරුවාය.
මියගිය දරුවාගේ ලොකු අම්මා (මවගේ වැඩිමහල් සොහොයුරිය* හමුවීමට ත‍්‍රිරෝද රථයකින් අයෙක් පැමිණ තිබේ. ත‍්‍රි රෝද රථය මිදුලේ නවතා ඒ අසල වෙනත් කටයුත්තක් සඳහා පැමිණි පුද්ගලයා පිටව ගොස් ඇත. එම අවස්ථාවේදී දරුවාගේ ලොකු අම්මා ත‍්‍රිරෝද රියේ යතුර තියෙනු දැක එය පණ ගන්වා තිබේ.
එම අවස්ථාවේ ත‍්‍රිරෝද රථය එය ඉදිරිපස සෙල්ලම්
කරමින් සිටි දරුවාගේ සිරුරේ ගැටී දරුවා ත‍්‍රිරෝද රථයට සහ නිවසේ බිත්තියට හිර වී තිබේ.ක්ෂණිකව බලපිටිය මූලික රෝහලට ගෙන ගියද ඒ වනවිටත් දරුවා මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (20* දිනයේදී පැවැත්වීමට නියමිතව තිබිණි. ත‍්‍රීරෝද රථය පණගන්වන ලද දරුවාගේ ලොකු අම්මාද ඊයේ (20* දිනයේදී අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබුණි.
අහුන්ගල්ල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ඒ මහින්ද, උප පොලිස් පරීක්ෂක ප‍්‍රසන්න, පොලිස් සැරයන් සිල්වා (7362* පොලිස් කොස්තාපල් ප‍්‍රියන්ත (16851* යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.
ජයකාන්ත ලියනගේ - අහුන්ගල්ල