පොදුරාජ්‍ය මණ්ඩල තරගවලට ගිය ලංකාවේ පාපැදි කණ්ඩායම බි‍්‍රතාන්‍ය අධිවේගයක පුහුණුවෙන්නට ගිහින් මාට්ටු
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh4Cu9v81iea5COobKDN_Zca4aFFnaxzb-qODnZM6j971ynSxkyA6OGD5ACTYC6wJupWjVRf0lLL0Pg-UX8IVF9Usf2ZTMmuIG-ZpNUeirpDJSL6TTZcw9LjVwIYISTqAG_xr0Ftwc2WOk/s1600/hi1.jpg)
එම්74 මෝටර්වේස් නමින් හැඳින්වෙන මෙම අධිවේගී මාර්ගය බටහිර ග්ලාස්ගොව් සිට ග්‍රෙට්නා ඉංග‍්‍රීසි බෝඩරය දක්වා දිවෙන්නකි. මෙහි පදිකයින්ට පාපැදිවලට හා වෙනත් මදවේග වාහන ගමන් කිරීම තහනම්ය.
පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා තරග සඳහා ගොස් සිටින ශ‍්‍රී ලාංකික කණ්ඩායමේ පාපැදි සාමාජිකයින් සිව්දෙනෙකු කහ සහ තැඹිලි පැහැති නිල ඇඳුම්ද ඇඳගෙන මෙම ඡුායාරූපවල දැක්වෙන ආකාරයට අධිවේග මාර්ගයේ පුහුණුවීම් වල නිරතවෙද්දී එය ඇස ගැටුණ බි‍්‍රතාන්‍ය වැසියන් කලබලයට පත්ව ඇති අතර සිද්ධිය ගැන සිනාහව පළකරමින්
ඒ ගැන ඔවුනගේ ටිවිටර් ගිණුම් වල ඡුායාරූප පවා පළකර තිබෙනවා.
මේ සිද්ධිය ඇසගැටුණ පසු ස්කොට්ලන්ඞ්යාර්ඞ් පොලිසිය මෙම සිව්දෙනා අත්අඩංගුවට ගත් අතර පසුව නීතිරීති පැහැදිලි කරදී අවවාද කොට මුදාහැරිය බවද බි‍්‍රතාන්‍ය වාර්තා සඳහන් කරනවා.
සිද්ධිය ගැන හාස්‍යය පළකරමින් ඇතැම් බි‍්‍රතාන්‍ය මාධ්‍ය ප‍්‍රවෘත්ති පළකර තිබෙන අතර බි‍්‍රතාන්‍යයේ ඬේලිමේල් පුවත්පත පවසන්නේ ‘පාර පළලට තිබෙනු දුටු මේ ශ‍්‍රී ලාංකිකයින් මෙය පාපැදි පුහුණුවට අපූරු ස්ථානයක් ලෙස කල්පණා කරන්නට ඇති’ බවයි.
මින් ඉහත 2002 මැන්චෙස්ටර් තරගාවලියෙදී කෙන්යානු පාපැදිකරුවන්ද මේ ආකාරයට එම්61 අධිවේග මාර්ගයේ ගමන් කර හසුවුණ බවද එම පුවත් වාර්තා සිහිපත් කරනවා.