ප‍්‍රසන්න පහරදුන් බව කියන කෙනාට අයිය මල්ලි පැටලිලා
රාජගිරිය මැල්වත්ත ප‍්‍රදේශයේ පදිංචි ජී. ඩබ්ලිව්. පියසේන නමැත්තකුට ඔහු පදිංචි නිවෙසට යාබද නිවෙසේ පදිංචි බස්නාහිර පළාත් මහ ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා පිරිසක් සමග එකතුවී ක‍්‍රිකට් පිත්තකින් පහරදී තුවාල සිදුකළ බවට වැලිකඩ පොලිසියට පැමිණිලි කොට තිබේ.
පහර කෑමට ලක්වූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ අංක 72 වාට්ටුවේ ප‍්‍රතිකාර ලබන අතර මොහුගේ වම් අත තුවාල වී ඇති බවට නිරීක්ෂණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවැසීය.
පෙරේදා (21දා) සවස 5ට පමණ මෙය සිදුවූ බවට පැමිණිලිකරු වැලිකඩ පොලිසියට ප‍්‍රකාශයක් ලබාදී තිබේ.
මේ සම්බන්ධයෙන් රාජගිරිය මැල්වත්ත 94/06 දරන නිවෙසේ පදිංචි පාර්ලිමේන්තු මන්ත‍්‍රි රුවන් රණතුංග මහතා ඊයේ වැලිකඩ පොලිසියට පැමිණිල්ලක් කරමින් සඳහන් කර ඇත්තේ පසුගිය 21 දින සවස 5ට පමණ ඔහු දරුවන් දෙදෙනා සහ බිරිය සමÛ නිවෙසේ සිටින විට අල්ලපු නිවෙසේ පදිංචි පියසේන යන අය
පිහියක් රැුගෙන තම නිවෙස වටා ඇති තාප්පය උඩට නැග පරුෂ වචනයෙන් බැන වැදීමක් කළ නිසා ඒ පිළිබඳ තම පෞද්ගලික ආරක්ෂක නිලධාරියා සමග එළියට බැස පියසේන නමැත්තාගෙන් විමසීමක් කළ බවයි.
එසේ බැනවැදීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස මන්ත‍්‍රිවරයා පොලිසියෙන් ඉල්ලීමක් කොට ඇත.
මේ පැමිණිලි දෙක සම්බන්ධයෙන් වැලිකඩ පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යන බවද පොලිස් මාධ්‍ය ඒකකය පැවැසීය.
සිද්ධියට අදාළ පැමිණිලිකරු විසින් කර ඇති ප‍්‍රකාශය සාවද්‍ය පැමිණිල්ලක් බව සඳහන් කරමින් බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා පොලිස්පතිවරයා වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ. ඔහු විසින් පොලිස්පතිට යවා ඇති ලිපියේ මෙසේ සඳහන් වේ.
සිද්ධිය වූයේ යැයි කියන පෙරේදා (21දා) දින පස්වරු 3.00 සිට පස්වරු 4.00 දක්වා බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී පළාත් කැබිනට් මණ්ඩල රැුස්වීමට සහභාගි වූ මා පස්වරු 4.00 සිට පස්වරු 6.00 දක්වා කාලය තුළ එම ස්ථානයේ පැවැති ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැුස්වීමටත් මහවැලි කේන්ද‍්‍රයේ පැවැති මාධ්‍යවේදී අනුර දොරකුඹුර මහතාගේ ග‍්‍රන්ථයක් දොරට වැඞීමේ උත්සවයටත් සහභාගි වීමි.
මාගේ නිල නිවෙස කොළඹ 07 ගී‍්‍රන්පාත් යන ලිපිනයේ පිහිටා ඇති අතර මාගේ පෞද්ගලික නිවෙස පිහිටා ඇත්තේ මිනුවන්ගොඩ උඩුගම්පොළ ප‍්‍රදේශයේය. මෙය තනිකරම සාවද්‍ය පැමිණිල්ලකි.
පැමිණිලිකරුගේ නිවෙසට යාබද නිවෙසේ පදිංචිව සිටින රුවන් රණතුංග බස්නාහිර මහ ඇමැතිගේ සහෝදරයෙකි.
පේ‍්‍රමලාල් විජේරත්න