වෙල්ගම පිය පුතු එක්වී වේදිකාවේ පතුරන ‘ස්ත‍්‍රී ලෝලීත්වය’

ඇමති කුමාර වෙල්ගම මින් ටික කාලයක සිට ප‍්‍රසිද්ධ වේදිකාවල නිතර දැක්වූයේ තමාට ඇති ස්ත‍්‍රී ලෝලීත්වය පිළිබඳවය. පසුගිය දිනෙක ඔහු පාර්ලිමේන්තුවටත් ටෙලි නිළියකගේ නමක් ඇති කෝච්චියක් කැඳවාගෙන ආවේය.
දැන් ඔහුගේ පුත‍්‍රයා පළාත් සභා මන්ත‍්‍රී සෙනල් වෙල්ගමත් පියාගේ අඩි පාරේ යන්නේය.

ඔහු ඡන්දෙ ඉල්ලන කාලේ ඔහුගේ පියා විහිළුවක් කරමින් හිරුණිකා - සෙනාල් මගුල් කපුකමක් කරන්නට වූ සූදානම පාදක කරගෙන
පසුගියදා ප‍්‍රසිද්ධ වේදිකාවේ සෙනල් වෙල්ගම තම පියාගේ ලේලිය ලෙස හිරුණිකාගේ නමද හඳුන්වමින් තමා ස්ත‍්‍රීන් වටකරගෙන පළාත් සභාවේ ඉඳගන්නා හැටිද කියමින් කථාවක් කළේය.
එම කථාවට පෙර ඔහුගේ පියා කුමාර වෙල්ගමත් එම වේදිකාවේම සිය ස්ත‍්‍රී ලෝලීත්වය
සාධාරණයට ලක්කරමින් කථාවක් කර තිබුණ අතර පසුව පුතා  සිටි නිසා ඒ ගැන වැඩිපුර කියන්නට බැරි බවද කියා සිටියේය.
වෙල්ගම පියපුතු දෙපළ වේදිකාවල දිග හරින ස්ත‍්‍රී ලෝල කථා දැන් රූපවාහිනී නාලිකාවල ‘පොලිටිකල් ක්ලිප්ස්’ රස ගන්වන්නට කදිම පදමක් එක්කර ඇත.

පසුගියදා පියපුතු දෙපළ සිදු කළ ස්ත‍්‍රී ලෝල කථා ඇති වීඩියෝ පහතින්

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි