ඔඩෙල් සොරකම ගැන උදාරි වසර 4 කට පසු ප‍්‍රථම වරට කතා කරයි

මින් වසර හතරකට පමණ පෙර ටෙලි නිළි උදාරි වර්ණකුලසූරිය ඔඩෙල් රෙදිපිළි සාප්පුවෙන් ඇඳුම් සොරකම් කරන්නට ගොස් හසුවුණ සිද්ධිය ඔබට මතක ඇති.
සිද්ධිය ප‍්‍රචාරය වීමෙන් පසු එය බොරුවක් බව ඇය ඒ කාලයේ පුවත්පත්වලට පුන පුනා ප‍්‍රකාශ කරද්දී ගොසිප් ලංකා නිවුස් අප වෙබ් අඩවිය ඇයගේ ඇඳුම් සොරකමින් පසු ඔඩෙල් ආයතනය ඇතුල් කාමරයකදී ලබාගත් ඡුායාරූප 2 ක් ප‍්‍රසිද්ධ කළ පසු ඇයට කට උත්තර නැති වුණි.
ඔඩෙල් ඇඳුම් සාප්පුවෙන් රුපියල් 17500ක් වටිනා කාන්තා නිමි ඇඳුම් සොරා ගැනීම හා ළඟ තබා ගැනීමේ චෝදනාවට 2010 නොවැ 08 වන දින වැරැුදිකාරිය වූ උදාරි චාමිකාට
කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්ගේ නියමයෙන් මාස හය බැගින් වූ සිරදඬුවම් දෙකක් නියම කර
එය වසරකට අත්හිටවූ අතර පසුව ඇය ඔඩෙල් ආයතනයට එරෙහිවද නඩු කියා තිබුනේ තමන්ට සොරකමින් පසු වද දුන් බව කියමිනි. ඇගේ සොරකම් ඡුායාරූප පළකළ ගොසිප් ලංකා වෙබ් අඩවියද වදදීම ගැන සාක්ෂි පාර්ශ්වයක් ලෙස ඇය සීඅයිඞී යට නම් කර තිබුණි.

ඒ වනවිට බොඳ මීදුම් ටෙලි නාට්‍යයේ සංසලා ලෙස ර`ගපාමින් ටෙලි ක්ෂේත‍්‍රයට නවකයෙකු වූ උදාරි ඉන් පසු අවුරුද්දේ අන්තර්ජාලය තුළ ඉමහත් ප‍්‍රසිද්ධියට පත්වූ අතර පසුව සුමති ටෙලි සම්මාන උළෙලේ ජනප‍්‍රියම නිළිය බවටද පත්වුණා.
මෙම ඇඳුම් සොරකම් සිද්ධිය ගැන රටේ කතාබහක් ඇති වුවත් ඔඩෙල් ඔටාරා හෝ උදාරි ඒ ගැන ඉන්පසු කිසිම අවස්ථාවක කතාබහ කර තිබුනේ නැත.

මේ සතියේ සිට උදාරි ප‍්‍රධාන චරිතය ර`ගපාන මෙගා ටෙලි නාට්‍යයක් රූපවාහිනියෙන් විකාශය අරඹන්නට නියමිත නිසා ඇය මේ දිනවල පුවත්පත් සොයායාමට පටන්ගෙන ඇත. උදාරි පසුගිය සති අන්තයේ මව්බිම පුවත්පත සමග කළ සම්මුඛ සාකච්ඡුාවේදී මේ සොරකම ගැන ප‍්‍රථම වරට කතා කර තිබුනේ ඒ අව්අස්සේය. එහි උපුටාගත් කොටස් පහත පරිදිය.

උදාරි ප‍්‍රසිද්ධ වෙන්න මොනවාද කරන්නේ...?
දෙවියනේ කියලා අමුතුවෙන් ප‍්‍රසිද්ධ වෙන්න දෙයක් කරන්නෙ නෑ... වාසනාවට ඉබේම මට ඒ දේ ලැබිලා තියෙනවා.

උදාරි කියන්නේ ගොසිප් කැරැුක්ටර් එකක් කියලා සමහරු කියනවා...?
මම ගොසිප් කැරැුක්ටර් එකක් නෙවෙයි. හැබැයි මම ගැන ගොසිප් වල යන ඒවා දැක්කම කෙනකුට එහෙම හිතෙන එකත් සාධාරණයි.


සමහරු ජනප‍්‍රිය වෙන්නත් තමන් ගැන බොරු ගොසිප් ප‍්‍රචාරය කරනවලූ...?
වෙන්න පුළුවන්... ඒත් මට එහෙම වුවමනාවක් නෑ.

උදාරි ගැන ගොසිප් පැතිරෙද්දි කොහොමද ඒවට ප‍්‍රතිචාර දක්වන්නේ...?
මම ඒ ගැන හිතන්නෙ නෑ... ගණන් ගන්නෙ නෑ... කෙටියෙන්ම කිව්වොත් ඒවා බලන්නෙවත් නෑ. ප‍්‍රසිද්ධ හින්දානේ මඩ ගහන්නේ... කවුරු හරි කීයක් හරි හොයාගන්න කරන වැඩක්නේ... මම ඒ අයට අනුකම්පා කරනවා.

ගොසිප් එක බොරුවක් නම් නම කැත වෙන්නේ ඔයාගෙනේ... ඒක ප‍්‍රශ්නයක් නෙවෙයිද?
ප‍්‍රශ්නයක් තමයි. ඒත් ඇත්ත කවදාහරි එළි වෙනවානේ... එතකන් ඉවසනවා.

හිත සසල කරපු ගොසිප් එක මොකක්ද?
වෙබ් අඩවියක ගියා මම ඇමැති කෙනෙක් එක්ක යුරෝපා සංචාරයක් ගියා කියලා. එදා මම ගියේ සිංගප්පූරුවට. මගේ මහත්තයා ළඟට. මගේ කරුමෙට ඒ එයාර් ප්ලේන් එකේම ඔය කියන ඇමැතිවරයා යුරෝපා සංචාරයක ගියා. ඒක තමයි ඔය ගොසිප් වෙබ් එකේ ගියේ. පස්සේ මගේ මහත්තයා ඒ ගොසිප් එකට කතා කරලා කිව්වා උදාරි ඉන්නේ මගේ ළඟ  ඕක බොරු ගොසිප් එකක් ඒ නිසා ඒ ගොසිප් එක අයින් කරන්න කියලා.. පහුවදා ඒ වෙබ් එකේම ගියා උදාරිගේ සැමියා එයාලට මරණ තර්ජන කළා කියලා. ඒක දැක්කහම නම් මට මාර දුක හිතුණා.

ඔඩෙල් ගොසිප් එක නිසා අපහසුතාවට පත් වුණේ නැද්ද?
දැන්නම්  ඕක ඇති වෙලා... ඔඩෙල් නම් උදාරි. උදාරි නම් ඔඩෙල් වගේ... නඩුවකුත් ගිය නිසා ඒක බොරු ගොසිප් එකක් කියන්නත් බෑනේ. ඒත් නඩුවෙන් මොකද වුණේ කියලා කවුරුත් දන්නෙ නෑ..


ඉතින් දැනගන්නත් එක්ක කියමුකෝ...?
නෑ... ඒක ගැන කතා නොකර ඉමු. ඔහොම නෙවෙයි කොහොම ඇහුවත් ඒ ගැන නම් කියන්නෙම නෑ...

හැබැයි ඔඩෙල් සිද්ධිය නිසා උදාරිට අසීමිත ජනප‍්‍රියත්වයක් ලැබුණා...?
ඔව්... ඊට පස්සේ අවුරුද්දෙ සුමති ටෙලි සම්මාන උළෙලේ ජනප‍්‍රිය නිළියත් වුණා.
ඒ කියන්නේ ඔය සම්මානයට හේතුව ඒ සිද්ධිය නිසා ලැබුණු ජනප‍්‍රියත්වයද?
අපෝ නැහැ. බොඳ මීදුම් ටෙලි නාට්‍යයේ සංසලාට ලැබුණු ප‍්‍රතිචාර තමයි ඒ. මං ගැන පැතිරුණු එක කතාවක්වත් මගේ රසිකයෝ ගණන් නොගත්ත නිසානේ මට මනාප ලැබුණේ.


පුවත්පත් සාකච්ඡුාව- හිමේෂා සවන්ති රාජපක්ෂ


Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්