නිට්ටඹුව නගරයේ පිහිටි ස්වර්ණාභරණ වෙළෙඳසල කොල්ලකෑමට පැමිණ පලාගිය අනෙක් සැකකරුවන් දෙදෙනා ද පොලසිය මගින් පෙරේදා (26 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ. වෙළෙඳසැල කොල්ලකෑමට පැමිණි සිව් දෙනාගෙන් දෙදෙනකු වෙළෙඳසැල් හිමියන් හා අවට පිරිස් එක්ව 24 වැනිදාම පහරදී, අල්ලා පොලිසියට බාරදී තිබිණි. ඒ අනුව මෙම කොල්ලයට සම්බන්ධ පුද්ගලයෝ සිව් දෙනෙක් මේ වනවිට පොලිස් අත්අඩංගුවට පත්ව සිටිති. මින් එක් සැකකරුවකු පස්යාල, කටුලන්දවත්ත ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. ඔහු සතුව තිබු විදේශීය රටක නිෂ්පාදනය කළ එන්. එෆ්.ජී.