රාත‍්‍රී ගෙට පැන දෙදරු මවට අතවර කල අසල්වැසියා ඇඳුම් දමා පලා ගිහින්

ගම්පොල කොබ්බෑවල ප‍්‍රදේශයේ නිවසකට රාත‍්‍රී ඇතුළු වූ පුද්ගලයකු එහි නිදා සිටි දෙදරු මවකට බලහත්කාරයෙන් ලිංගික අතවර කර ඇඳුම් දමා පලා ගොස් ඇති අතර මහනුවර නිල සුනඛ අංශයේ නයිනා එම සැකකරු අල්ලා දීමට සමත්ව ඇත.

මෙම දෙදරු මවගේ සැමියා වෙනත් කාමරයකත් දරුවන් සමග ඇය තවත් කාමරයකත් නිදාගෙන සිටියදී සැකකරු රාත‍්‍රී 1 ට පමණ නිවසේ ජනේලයෙන් ඇතුළු වී ඇයට මෙසේ අතවර කර ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ. බිරිඳගේ කාමරයෙන් ඇසුණු ශබ්දයකට අවදි වී පැමිණෙන විට සැකකරු ඇඳුම් දමා පලා ගොස් තිබිණි. පසුව පොලිස් සුනඛයා විසින් නිවසට ගොස් නිදා සිටි සැකකරු අල්ලා දී ඇත. මොහු එම ගමේම පදිංචිකරුවකු වන අතර සැකකරු ගම්පොල මහෙස්ත‍්‍රාත් උපුල් රාජකරුණා මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.

ගම්පොල - සුරංග දිල්හාන්

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්