විමල්ගේ පක්ෂය සන්ධානයෙන් ලඟදිම එලවනවා- ජනක බණ්ඩාර

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණ තවදුරටත් සන්ධානයේ තබාගන්නවා ද නැද්ද යන්න පිළිබඳව ඉදිරි දින කීපය තුළ තීරණයක් ගන්නා බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

ජාතික නිදහස් පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රැඳී
සිටිමින් එම සන්ධානය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමේ කුමන්ත‍්‍රණයක නියෑලී සිටීම නිසා ඊට එරෙහිව පියවර ගැනීමට සිදුවන බව හෙතෙම කීය.

වැඩිදුරටත් කරුණු දැක්වූ ඇමැතිවරයා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේත් නායකයා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතායි. එතුමාට අභියෝග කරන්න වෙන කාටවත් බැහැ. ඉස්සර හිටපු සමහර නායකයෝ නැටෙව්වා වගේ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාව නටවන්න කාටවත් බැහැ. කවුරු හරි එහෙම හිතාගෙන ඉන්නවා නම් ඊට වඩා විහිළුවක් තවත් නැහැ.


ප‍්‍රියදර්ශන ලියනගේ


Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි