නොමිලේ වයි-ෆයි සඳුදා සිට

ලබන සඳුදා (30දා) කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් නොමිලේ රැහන් රහිත අන්තර්ජාල පහසුකම් (වයි-ෆයි) ලබාදීමේ පළමු අදියර ආරම්භ කරන්නට නියමිතය.

ඒ අනුව ලබන සඳුදා (30දා)
පෙරවරු 9.30ට කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසලදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් නොමිලේ වයි-ෆයි ලබාදීමේ පළමු අදියර ආරම්භ කෙරේ.

මීට අමතරව විශ්වවිද්‍යාල, වෙනත් වෘත්තීය අධ්‍යයන ආයතන, ප‍්‍රධාන පෙළේ දුම්රිය ස්ථාන, බස්නැවතුම්පළවල්, සියලූම ශික්ෂණ, දිස්ත‍්‍රික් හා ඒ ශේණියේ මූලික රෝහල්, මහජන උද්‍යාන, මහජන පුස්තකාල, මහජනයා බහුල ලෙස පැමිණෙන රජයේ කාර්යාල, දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල හා කෞතුකාගාර ආදී රටේ තෝරාගත් ස්ථාන දහසක පමණ මෙම වයි-ෆයි කලාප ස්ථාපිත කරන්නට නියමිතය.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි