රු. 760 ට සිමෙන්ති රු. 109 ට සැමන් ටින්

නිෂ්පාදිත කම්හල් වෙතින් රුපියල් 760 කට සිමෙන්ති බෑගයක් ගැනීමට ජනතාවට අවස්ථාව සලසා ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.එසේම වෙළෙඳපොළේ
කිලෝග‍්‍රෑම් 50 ක සිමෙන්ති කොට්ටයක්
රුපියල් 870 ක මිලකට  මිලදී ගැනීමට හැකියාව ඇති බවත් මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඉකුත් අතුරු අය වැයේදී සිමෙන්ති ආනයනික බදු අඩු කළද වෙළෙඳ පොළේ සිමෙන්ති මිල අඩු වී නැති බවට පැමිණිලි ලැබි ඇති බවත් ඒ පිළිබඳව අමාත්‍ය රවි කරුණානායක මහතා සිමෙන්ති ආනයනික හා
නිෂ්පාදන සමාගම් සමග සාකච්ඡා කළ බවත් මුදල් අමාත්‍යාංශය පවසයි.

එම සාකච්ඡාවලදී අඩු මිලට සිමෙන්ති අලෙවි කිරීමට එම සමාගම් එකඟතාව පළ කර ඇත.මේ අතර ග‍්‍රෑම් හාරසියයක සැමන් ටින් එකක් රුපියල් 109 දක්වා අඩුකර ඇති බවද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්