රත්ගම සභාපති මරන්න උදව් කරපු ඩ‍්‍රයිවර් මාට්ටු

රත්ගම ප‍්‍රාදේශීය සභා සභාපතිවරයා ඝාතන සිද්ධියට සම්බන්ධ සැකකරුවකු අද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසන්නේ සභාපතිවරයා ඝාතනය කිරීමට සැකකරුවන් පැමිණි එක් වාහනයක් පදවාගෙන ආ බව කියන පුද්ගලයෙකු එලෙස අද අත්අඩංගුවට ගත් බවය.
සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසී ය.
මෙම සිද්ධිය සම්බන්ධ ප‍්‍රධාන සැකකරු පොඩි ලැසී තවම හසුවී නැත.
පසුගිය 23 වන දා රාත‍්‍රී 11.45ට පමණ හික්කඩුව හෝටලයක් තුළදී රත්ගම ප‍්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් පුෂ්පකුමාර මෙන්ඩිස් (37) මහතා වෙඩි තබා ඝාතනය කෙරිණ.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි