පි‍්‍රයන්ත සිරිසේන මහතාට පහර දුන් සැකකරු පොලීසියට

ප.ව.9.30
ජනපති සොයුරු පි‍්‍රයන්ත සිරිසේන මහතාට පහර දුන් බව කියන සැකකරු බකමූණ පොලීසියට මීට සුළු මොහොතකට පෙර භාරවූ බව පොලිස් ආරංචි මාර්ග හෙළි කරනවා.
මෙම පහරුදීමට හේතුව ලෙස ඔහු සඳහන් කර ඇත්තේ
පුද්ගලික ආරවුලක් නිසා හටගත් කෝපය යයි පොලිසියට සඳහන් කර ඇත.
ඔහු 24 හැවිරිදි වියේ පසුවන්නෙකු බවත්  හපුතන්ති‍්‍රගේ දුෂාන් ලක්මාල් ඔහුගේ නම බවත් පොලිසිය වාර්තා කරයි.
සැකකරු පොළොන්නරුව වීර පෙදෙසේ පදිංචිකරුවෙකි.
පහරදීම සිදුකර ඇති ගරාජය අසළ ස්ථානය පහරදුන් පුද්ගලයා ජීවත් වන නිවස ළඟ පිහිටා ඇත. ප‍්‍රියන්ත සිරිසේන මහතා එතැනට පැමිනි පසු පහරදීම සිදු කර ඇති සැකකරු
මුලින් ප‍්‍රදේශයෙන් පළා ගිය නමුත් පැය කිහිපයකට පසුව බකමූන පොලිසිය වෙත පැමිණ තිබේ.
පොළොන්නරුව,නව නගරය හතරේ ඇළ පන්සල අසල තමන් මව සහ පියා සමග ජීවත්වන බව කියන මේ තරුණයා අවිවාහකයෙකි.

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්