සීගිරිය නගින්න ලඟදීම ලිෆ්ට් එකක්

සීගිරියේ සංස්කෘතික වටිනාකම්වලට මෙන්ම දර්ශනීය බවට හානි නොවන ලෙස සංචාරකයන්ගේ පහසුව පිණිස විදුලි සෝපානයක් සවි කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව
සංස්කෘතික හා කලා කටයුතු
රාජ්‍ය අමාත්‍ය නන්දිමිත‍්‍ර ඒකනායක මහතා පැවසීය.

රිවිර කළ විමසුමකදී අමාත්‍යවරයා කියා සිටියේ මේ පිළිබඳව අදහස තමන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට මෙන්ම මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්වරයාටද දැනුම් දුන් බවත් මෙය ලෝකයේ දියුණු රටවල මේ වන විට ක‍්‍රියාත්මක වන බවත්ය. මේ තුළින් සංචාරක කර්මාන්තයේ දියුණුවක් මෙන්ම ඉහළ ආදායමක් ලබා ගැනීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා පැවසීය.

සුජිත් කෝනාර

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි