ජනපති සොයුරු ප‍්‍රියන්තගේ ඝාතනයට ‘චීත්ත කතා’ ගෙතූ වෙබ් අඩවි ගැන ග‍්‍රාම නිලධාරියාගෙන් ප‍්‍රකාශයක්

පසුගිය බ‍්‍රහස්පතින්දා රාත‍්‍රී 7 ට පමණ පොළොන්නරුව හතරේ ඇල ප‍්‍රදේශයේදී පොරොවකින් පහරවැදීම නිසා බරපතල තුවාල ලැබූ ජනපති සොයුරු ප‍්‍රියන්ත සිරිසේන සෙනසුරාදා උදෑසන රෝහලේදී මියගියා.

මෙම සිද්ධිය සිදුවූ පසු එයට මුල්වූ කාරණාව අනියම් සම්බන්ධයක ප‍්‍රතිඵලයක් ලෙස
ඇතැමුන් කතා ගොතා ඇති අතර මේ ගැන පොලිසිය මගින් හෙළි කර සිටියේ
මව පියා සහ දරු තිදෙන සමග ජීවත්වන ලක්මාල් නමැත්තා සමග දැඩි මිතුදමක් පැවති ප‍්‍රියන්ත ටික කලෙක සිට ඔහු සමග ව්‍යාපාරික කාරණාවක් මත අමනාපවී සිටි බවත් සිද්ධියට ආසන්න හේතුව වූයේ ජනපති සොයුරු ලක්මාල්ගේ නිවසට ගොස් එම දොමාපියන්ට
පහරදෙමින් සිදු කළ කලබලයක් බවත්ය.

නමුත් සිද්ධිය සිදුවූ බ‍්‍රහස්පතින්දා රාත‍්‍රීයේ සිටම ඇතැම් වෙබ් අඩවි මගින් ප‍්‍රචාරය කර හැර තිබුනේ මෙම ඝාතනය අනියම් සම්බන්ධයක් අතටම හසුවීමෙන් එල්ල කළ ප‍්‍රහාරයක් බවයි.

ලක්මාල්ගේ බිරියවද මෙම සිද්ධියට ඈඳා තිබුණි. එවැනි ප‍්‍රහාරයක් ජනපති සොයුරාගේ අතින් සිද්ධවීම ජනපතිට මදිකමක් වන නිසා පොලිසිය හා මාධ්‍ය මගින් එය සඟවා ඇති බවටද එම වෙබ් අඩවිය ප‍්‍රචාරය කර තිබුණා.
නමුත් මිනීමැරුම සිදුවූ නිවසේ ලක්මාල්ගේ බිරිය වාසය නොකළ බව එම කතා ගෙතූ මාධ්‍ය සඟවා තිබුණ අතර පසුව පොලිසිය මගින්ද අනාවරණය කර සිටියේ ලක්මාල්ගේ බිරිය මැදපෙරදිග රැකියාවකට ගොස් ඇති බවකි.

ඇතැම් වෙබ් අඩවි ගෙතූ මෙම කතාව දේශපාලන අරමුණකින් මඩ ගැසීමේ චේතනාවකින් සිදු කර ඇති එකක් බවත් ලක්මාල් මව්පියන් සමග සිටි බවත් බිරිය ඔහු අතහැර දමා නිට්ටඹුව ප‍්‍රදේශයේ ගොස් කාලයක් සිට පසුව මැදපෙරදිග ගියේ මින් මාස 3 කට පමණ පෙර බවත් මෙම සිද්ධිය සිදුවූ වීර පෙදෙසෙහි  ග‍්‍රාම නිලධාරී ආර් ඒ ටී කුමාර රත්නායක විශේෂ ප‍්‍රකාශයක් කරමින් දන්වා ඇත.
එම ප‍්‍රකාශය පහත පරිදිය

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්