මනෝජ් මැරූ පොඩි ලැසීගේ පොල්ගස්ඕවිට නිවස වටලයි

රත්ගම ප‍්‍රාදේශීය සභා සභාපති මනෝජ් මෙන්ඩිස් මහතා ඝාතනය කිරීමේ චෝදනාව ලත් දැනට සැඟවී සිටින පොඩි ලැසීට අයත් බව කියන පොල්ගස් ඕවිට ප‍්‍රදේශයේ පිහිටි නිවසක් පෙරේදා (28) අලූයම හික්කඩුව පොලිසිය මගින් වටලා ඇත.ඒ පොලිසිය ලද තොරතුරකට අනුව මෙම නිවස පොඩි ලැසී විසින්

මිලදී ගෙන තිබුණි. එහෙත් එම නිවසට යන විටත් ඔහු එහි සිට නැත.

එසේම සැකකරු මේ වනවිට ඉන්නා තැනක් නිශ්චිතවම  වාර්තා වී නොමැති අතර ඔහු දකුණෙන් පිටවී ඇති බවට තොරතුරු ලැබි අතැයි පොලිසිය සඳහන් කරයි.

මෙම සිද්ධියේදී තුවාල ලත් කිරිමාමා

නමැති පුද්ගලයා මේ වන විට ප‍්‍රකාශයක් ලබාදී ඇති අතර ඔහු සඳහන් කර ඇත්තේ තමාට වෙඩි තැබූ පසු කළුවරේදී පොඩි ලැසීට බෝතලයකින් පහර දුන් බවය. එම පහර ඔහුට කොතැනට වැදුණාද යන්න නොදන්නා බවද ඔහු සඳහන් කර ඇත.

එමෙන්ම දැනට ලැසී පිළිබඳව විවිධ තොරතුරු ලැබි තිබෙන බවටත් ඒ අනුව සැකකරු ඉන්නා ස්ථාන පරීක්ෂා කරන බවත් පොලිසිය පවසයි.

කෙසේ වෙතත් මේ වන විට සිද්ධිය සිදුවූ දිනයේ පොඩි ලැසී සමග එම ස්ථානයට පැමිණි ඔහුගේ මිතුරක් හික්කඩුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු ලක්ෂාන් සොයිසා නමැති ලැසීගේ මිතුරෙකි. ඔහුව අද දිනයේ හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට යොමු කිරීමට පොලිසිය තීරණය කර ඇත.
ගයාන් ගාල්ලගේ

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්