ඉන්දීය ක‍්‍රිකට් පරාජය නිසා තමිල්නාඩු තරුණයෙකු දිව කපාගෙන

ඔස්ටෙ‍්‍රලියාව සහ ඉන්දියාව අතර ඊයේ පැවති අර්ධ අවසන් තරගයේ ජය ඉන්දියාවට හිමි කර දීමට දෙවියන්ට බල කිරීම සඳහා තමිල්නාඩු ප‍්‍රාන්තයේ වෙල්ලූර් ප‍්‍රදේශයේ ක‍්‍රිකට් ලෝලියෙකු සිය දිව කපාගෙන තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තාවල
සඳහන් වන්නේ, ඊයේ තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට‍්‍රලියා කණ්ඩායම ලකුණු 328ක් රැස් කිරීම සම්බන්ධයෙන් සුධාකර් නමැති එම තරුණයා බලවත් සිත් තැවුලට පත්ව සිට ඇති බවය.
සිය කණ්ඩායමට අසීරු ඉලක්කයක් ලැබීම පිළිබඳව කම්පා වූ එම තරුණයා මෙමිඅවනඩුව’ කෙරෙහි දෙවියන්ගේිඇස් ඇරවීම’ පිණිස නිවසේ තිබූ පිහියකින් සිය දිව කපාගෙන ඇතැයි ඉන්දීය පොලීසිය පවසයි.
ඔහු දිව කපා ගත් පසු වේදනාවෙන් කෑගසා ඇති අතර නිවැසියන් සහ අසල්වැසියන් පැමිණ ඔවුන් එක්ව තරුණයා රෝහල්ගත කර තිබේ.
එම තරගයෙන් ඉන්දියාව ලකුණු 95ක පරාජයක් ලැබීය.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි