ෂෙනුකාගේ තායිලන්ත තානාපතිනි පත්වීම අත්හිටුවයි

තායිලන්ත තනාපතිනිය වශයෙන් ෂෙනුකා සෙනවිරත්න මහත්මියගේ පත්වීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇතැයි නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි.

මිට අදාළ අවසන් තීරණය උසස් තනතුරුවලට පත්කිරීමේ පාර්ලිමේන්තු කමිටුවේ නිර්දේශ මත ගන්නා බව පවසන නියෝජ්‍ය ඇමතිවරයා, මේ පත්වීම සම්බන්ධයෙන් පසුගිය කමිටු රැස්වීමේදී සාකච්ඡාවට නොගත් බවත් මීළඟ කමිටු රැස්වීමේදී එම කරුණ සාකච්ඡාවට භාජනය කරන බවත් කියා සිටියේය.

ක්ෂෙනුෂ්කා සෙනවිරත්න මහත්මිය ඇයගේ ධූර කාලය තුළදී ජිනීවාහි නිත්‍ය නියෝජිතගේ නිල නිවස ප‍්‍රතිසංස්කරණය කිරීමට අදාළව සිදු කෙරෙන විමර්ශන නිම වීමට පෙර ඇය තායිලන්තයේ ශ‍්‍රී ලංකා තානාපති වශයෙන් පත් කිරීම සම්බන්ධයෙන්, උසස් පත්වීම් පිළිබඳ පාර්ලිමේන්තු කමිටුව නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ රැසක් විරෝධය පල කර තිබිණි.

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්