කටාර් එමීර්වරයා අද දවල් ලංකාවේ
නිල සංචාරයකට කටාර් රාජ්‍යයේ ෂීක් තමිම් බින් හමාඞ් අල් තානි එමීර්වරයා අද (24) දහවල් 1.30 ට පමණ ශ‍්‍රී ලංකාවට පැමිණෙයි.
ශ‍්‍රී ලංකාව සහ කටාර් රාජ්‍යය අතර පවතින ද්වීපාර්ශවික
සහයෝඟීතාවය තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අපේක්ෂාවෙන් මෙරටට පැමිණෙන එමීර්වරයා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිත අතර ඊට අමතරව දෙරට අතර ද්වීපාර්ශවික සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මේ ද්වීපාර්ශවික හමුව පැවැත්වෙන අතර ඊට සමඟාමීව දෙරටට වැදගත් වන ගිවිසුම් කිහිපයකට අත්සන් කිරීමට නියමිත බවද එම අමාත්‍යාංශ කියයි.
මේ අතර ශ‍්‍රී ලංකාවට පැමිණෙන කටාර් රාජ්‍යයේ එමීර්වරයා වෙනුවෙන් විශේෂ පිළිගැනීමේ උළෙලක් ද ජනාධීපති ලේකම් කාර්යාල පරිශ‍්‍රයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. එමීර්වරයා සමඟ එරට රජයේ ඇමැතිවරු දස දෙදෙනෙකු ශ‍්‍රී ලංකාවට පැමිණෙන අතර සිය සංචාරය නිමවා ඔවුන් අද දිනයේදීම කටාර් රාජ්‍යය බලා පිටත්ව යාමට නියමිතයි.