බැලූම්මහරදී බස් දෙකක් අතර සිරවුණ සිසුවාගේ අත සිරුරෙන් වෙන්වෙයි
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjkC99DZWmJhuFjB9qF7xOuKixPZF-M9tITml_iolLxhRDCmWN6d-swoCu8Nli2BlmPinR-BgF0j66Gy3I7qeEsxSOXNPaUPhJsTi6POvIc8u6gUaGGtBUTdHwg3XtA26jWaa6waMijIpw/s1600/balummahara.jpg)
ඊයේ ගම්පහ බැලූම්මහරේදී රේස් දිවූ බස් රථයක් නිසා බස් දෙකක් අතර තෙරපුණ පාසල් සිසුවෙකුගේ අතක් අනතුරට ලක්වී වෙන්වී බිමට වැටීමේ අවාසනාවන්ත සිද්ධියක් වාර්තා වුණා.
ගම්පහ - කඩුවෙල මාර්ගයේ බැලූම්මහර
මන්සන්ධිය බස් නැවතුමේදී මෙම සිද්ධිය සිදුව තිබුණා. බස්රථයෙන් බැලූම්මහර මන්සන්ධිය නැවතුමේදී බැසීමට උත්සාහ කළ සිසුවා පාපුවරුවෙන් බසින්නට සූදානම්ව යද්දී නවතා තිබුණ වෙනත් බස්රථයක් අනපේකෂිිත ලෙස වම්පසින් තිබුණ අතර මෙම බසය වේගයෙන් එම බසය හා සුළු හිදැසකින් ධාවනය කිරීම නිසා මෙම සිසුවා බස් දෙක අතර තෙරපී සිසුවාගේ අතක් වැදීමෙන් මෙම අනතුර සිදුව ඇත.
සිද්ධිය නිසා සිසුවාගේ අත ඇඹරී වැලමිටට ඉහළින් කොටස කැඞී වෙන්ව එතැන වැටී තිබුනේ ලේ පෙරාගෙනයි.
ඊයේ 26 දා පෙ. ව. 11.00 ට පමණ මේ සිද්ධිය සිදුව ඇත. මෙලෙස අනතුරට පත්ව ඇත්තේ ගම්පහ මිරිස්වත්ත, වලව්වත්තේ පදිංචි හේනේගම මහා විද්‍යාලයේ 10 වසරේ ඉගෙනුම ලබන ඕෂධ මධුශංක පින්නදූව නමැති 15 හැවිරිදි සිදුවෙකි.
අනතුරවූ දිනය පාසල් නිවාඩු දිනයක් වූ බවත් සිසුවා මිතුරන් සමග අසනීපවූ ගුරුවරියක බලන්නට ගොස් එන අතර මේ අනතුර සිදුව ඇති බවත් පැවසුණා.
කැඩුණ අතත් සමග මෙම සිසුවා ගම්පහ මහරෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලවෙත මාරුකර යවා ඇත. එම අත බද්ධ කළ හැකි මට්ටමේ නොතිබුණ බවද වාර්තා වුණා.
සිසුවා කිරිඳිවැල සිට ගම්පහ දක්වා ධාවනය වූ මාර්ග අංක 202 බස් රථයක ගමන් කර තිබුණා එම අවස්ථාවේ එම මාර්ග අංකයේම තවත් බස් රථයක් සමග තරගයට ධාවනය කර ඇති බව වාර්තා වුණා. සිද්ධියෙන් පසු රියදුරු හා කොන්දොස්තර අතුරුදන්ව ඇත.
අනතුර පිළිබඳව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.