මාතර කොලඹ දුම්රියේ පාපුවරුවේ ගිය විදෙස් කත ඇද වැටී මියයයි

මාතර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක පාපුවරුවේ හිඳ ගෙන ගිය විදේශීය තරුණ කාන්තාවක් උතුරු පයාගල දුම්රිය ස්ථානයේදී දුම්රියෙන් ඇද වැටී මියගොස් ඇතැයි පයාගල පොලිසිය කියයි.

ඊයේ (29)
සවස 5.30ට පමණ මෙම අනතුර සිදුවී ඇත.

පොලිසිය සඳහන් කරන පරිදි මෙම කාන්තාවට වයස අවුරුදු 25ක් පමණ වේ. ඇය හඳුනා ගැනීමට නොහැකි ආකාරයට ශරීරයට දැඩි ලෙස හානි සිදුවී ඇතැයි පොලිසිය කියයි.

මෙම කාන්තාව පාපුවරුවේ වාඩිවී සිටියදී උතුරු පයාගල දුම්රිය ස්ථානයේදී පිටතට විසිවීමෙන් අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය පවසයි.

පයාගල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජනක විතානගේ මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. බි. දයන්ත මහතා ඇතුළු කණ්ඩායමක් සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

ජී. වී. සිරිතුංග - බේරුවල ඳ වින්ධ්‍යා කල්හාරි - කළුතර

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්