ඇමරිකාවට ගියොත් මාව මරණ නිසා යන්නෑ -ගෝඨාභය

තමා ඇමරිකාවට ගියොත් නඩු පවරා විදුලි පුටුවේ තබා මරණ දඬුවම පමුණුවනු ඇතැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී.
ශ‍්‍රී ලංකාවේ විද්යුත් නාලිකාවක් සමග සාකච්ඡාවක් පැවැත්වූ ඒ මහතා තවදුරටත් පැවසුවේ වන්නි මෙහෙයුම දියත් කිරීම සම්බන්ධව තමාට විදුලි පුටුවේ වාඩිවීමට සිදුවන බවයි.
”කොටි ත‍්‍රස්තවාදීන් අවස්ථාව එනතුරු බලා සිටිනවා. ඔවුන් මට එරෙහිව නඩුවක් ගොනු කරනවා.” යෑයි රාජපක්ෂ මහතා කියා සිටියේය. වසර 20 ක් රජයේ හමුදා සේවය කළ තමාට කැපවීම නිසා යුද්ධය අවසන් කිරීමට හැකිවූ බවද හෙතෙම තවදුරටත් පැවසීය.


කීර්ති වර්ණකුලසූරිය

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්