මට නං මන්ත‍්‍රී වැටුප තිබුණාම ඇති - නව ධීවර ඇමැති අමරවීර
මන්ත‍්‍රි ධූරයට හිමි වැටුප හැර ඇමැති ධූරයට හිමි කිසිඳු වරප‍්‍රසාදයක් නොගන්නා බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඇමැති ධූර ලබාගෙන රජයට එක් වු වත්මන් ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය.
ඇමැති ධූර ලබාගත් සිය කණ්ඩායමේ අරමුණ තමන්ගේ සුඛවිහරණය සඳහා පහසුකම් ලබා ගැනීම නොව ජනාධිපතිතුමා ජනතාවට පොරොන්දු වු පොරොන්දු කඩිනමින් ඉටුකර දීම සඳහා ශක්තිය ලබාදීම බව හෙතෙම කීවේය.
දින සියයේ දී පොරොන්දු වු කාරණා කඩිනම් කරන්න යැයි ඉල්ලමින් කැබිනට්
මණ්ඩලයේ දී සිය හඬ නඟන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (23) පැවැති මාධ්‍ය හමුවේ දී ඇමැතිවරයා ප‍්‍රකාශ කෙළේය.
ආණ්ඩුවේ ඇමැතිකම් ලබාගනිමින් අපි මස් රාත්තලම ගත් බවට චෝදනා කරන පිරිස් පසුගිය කාලයේ මස් රාත්තල නොව ඊට වඩා ලබාගත්ත දේ හෙළි කිරීමට අවශ්‍ය කරුණු තමන් සතුව තිබෙන බව පැවැසු ඒ මහතා එම පිරිස් ඉදිරියේ දී කියන දේ අනුව අවශ්‍ය කරුණු හෙළි කිරීමට සූදානම් බවත් කියා සිටියේය.
ආණ්ඩු වෙනස් වන විට පාක්ෂිකයන්ට සිදුවන හිරිහැර නවතා දැමීමටත්, පාක්ෂිකයන්ට සිදුව ඇති අසාධාරණයන් වළක්වා ගැනීම ඇතුළු කරුණු කිහිපයක් සඳහා ඇමැති අනුකාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා සිය පළමු කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කරන බව ඇමැතිවරයා පැවැසීය.
නුවන් කොඩිකාර