ඉදිරියට ජාත්‍යන්තර පාසල් පවත්වා යාහැක්කේ ප‍්‍රමිති බලපත‍්‍රයට අනුමැතිය ලැබුණොත්

මෙරට ක‍්‍රියාත්මක ජාත්‍යන්තර පාසල්වල නිසි ප‍්‍රමිතිය පරික්ෂා කර වසරක් පාසා බලපත‍්‍ර නිකුත් කිරීමේ ක‍්‍රමවේදයක් ඉදිරියේ දී අනුගමනය කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ජාත්‍යන්තර පාසල් අධික්ෂණය හා නියාමනය කිරීමට මේවන විට කමිටුවක් පත් කර ඇත.


ඒ අනුව ජාත්‍යන්තර පාසල් ව්‍යාපාරයක් වශයෙන් හෝ ලාභය පෙරදැඩිව කටයුතු කිරීමට කිසිදු අවස්ථාවක ඉඩ ලබා නොදෙන බව ද අමාත්‍යවරයා කියා සිටියේය.


එම පාසල්වල උගන්වනු ලබන ගුරුවරුන්ගේ සුදුසුකම්, පුස්තකාල පහසුකම්, ක‍්‍රිඩා පිටි, පන්ති කාමර සංඛ්‍යාව සහ එම පන්ති කාමරයක සිටිය යුතු සිසුන් ගණන ද සොයා බැලීමක් අදාළ කමිටුව මගීන් සිදු කරනු ලැබේ.


මෙම නව වැඩපිළිවෙල අනුව ජාත්‍යන්තර පාසල් වසරක් පාසා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ප‍්‍රමිතිය පිලිබඳ සැහීමට පත්වීමේ බලපත‍්‍රයක් ලබාගතයුතු වේ. ඒ අනුව දැනට පවතින ජාත්‍යන්තර පාසල්වල ඇති අඩුපාඩුකම් සදාගැනීමට කාලයක් ලබාදීමට තීරණය කර ඇත.


ඉන්දියාවේ සහ වෙනත් රටවල්වල ක‍්‍රියාත්මකවන ආකාරයට ජාත්‍යන්තර පාසල්වලට යම් ප‍්‍රතිශතයකින් හෝ ශිෂ්‍යත්ව ලබාදීමටත්, නොමිලේ අධ්‍යාපනය ලබාදීමටත් තීරණය කර ඇති බව ද අකිල  විරාජ් කාරියවසම් අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කරන ලදි.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්