මං ලඳ බොලඳ නෑ අද රත්නපුරේ රැස්වීමටත් යනවා - ප‍්‍රසන්න

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂකයා ලෙස නම් කිරීමට රත්නපුරයේදී අද පැවැත්වෙන රැලියට තමන් සහභාගි වන බව බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා ප‍්‍රකාශ කරයි.

ඔහු පවසන්නේ තමා පළාත් සභා මන්ත‍්‍රිවරුන් 40ක් සහ බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන නියෝජිතයන් 150ක් සමඟ රත්නපුර රැලියට සහභාගි වන බවය.
ඔහු සිය ෆෙස් බුක් ගිණුමේ මෙසේ සඳහන් කර ඇත.

මා ලද බොළඳ සටහනක් මුහුණු පොතේ සටහන් කර ඇති බව කියමින් ඇතමුන් ආවේශ විය හැකිය. සමහරුන් මා කාඞ්බෝඞ් වීරයකු ලෙස ප‍්‍රකාශ නිකුත් කරනු ඇත. ඒ සියල්ලටම කෙටි පිළිතුරක් දෙමි.
ඊළඟ මැතිවරණයේදී මේ රටේ ජනතාව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ වීරයන් කවුද ද්‍රෝහියන් කවුදැයි ලෝකයටම පෙන්වා දෙනු ඇත.

දිලංක ගුණතිලක

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්