රුපියල් 50 බත්පත ගන්න කොළඹ ගංගාරාමෙට සෙනග පෝලිමේ
රුපියල් එකසිය දෙසීය ගණන් වලට දිනපතා දහවල් ආහාර ගන්නට සිදුවීමෙන් මාසයේ වියදම පියවාගන්නට බැරිව ළතැවෙන අය කෙතරම්ද? ව්‍යංජන හතරක් සමග බත් පාර්සලයක් රුපියල් 50කට ලබාගන්නට හැකිනම් එය අගනා අවස්ථාවකි.
ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය මේ සතියේ සිට
කොළඹ ගංගාරාම විහාර පරිශ‍්‍රයෙන් අඩුමිල බත් පැකට් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කළා.
ආරම්භක පියවර ලෙස කොළඹ නගරයේ දවසකට කෑම පාර්සල් 15000ක් අලෙවි කිරීම අරඹා ඇත.
ඊයේ මෙහි සමාරම්භක අවස්ථාවට අගමැතිවරයාද ඇමති ගාමිණී ජයවික‍්‍රම පෙරේරාද එක්වූ අතර
වැඩසටහන දියත් කිරීමේ සතුට නිමිත්තෙන් ඊයේ ආහාර සියල්ල ලබාදුන්නේ නොමිලයේය.
මේ ආකාරයට රුපියල් 50කට කෑම පාර්සලය අලෙවි කිරීමෙන් නිෂ්පාදකයාට රුපියල් අටක ලාභයක් ඉපැයිය හැකි බව සංවිධායකයින් දන්වා ඇත.
ඡායාරූපයේ දැක්වෙන්නේ ඊයේ වැඩසටහන අතරතුර ගංගාරාම විහාරාධිපති ගලබොඩ ඥානිස්සර හිමියන් දන්සල වෙත පිරිස් ඇදී එන අවස්ථාවේ සිය බත්පත වළඳන ආකාරයයි.