නවසීලන්ත දකුණු අප‍්‍රිකා තරගයට වැස්සෙන් බාධා

ලෝක කුසලාන අවසන් පූර්ව වටයේ පළමු තරගය අද දකුණු අප‍්‍රිකාව හා නවසීලන්තය අතර  ඕක්ලන්ඞ් හිදී පැවැත්වෙනවා.
මෙහිදී මුලින් පන්දුවට පහර දුන් දකුණු අප‍්‍රිකාව පන්දු  ඕවර 43 කදී කඩුළු 5 කට ලකුණු 281 ක් ලබාගත් අවස්ථාවේ වර්ෂාවෙන් බාධා ඇතිවු නිසා
තරගය තාවකාලිකව නතර වුණා. පසුව ඔවුනගේ ඉනිම නිමා කර නවසීලන්තයට පන්දුවට පහරදීමේ අවස්ථාව තරග තීරක ලබාදුන්නේ ඩක්වත් ලූවිස් නියමයෙන් එම  ඕවර ගණනම ක‍්‍රීඩා කරන්නට නවසීලන්තයට නියම කරමින් වුවද ඔවුනට ලබාගත යුතු ඉලක්කය ලෙස ලකුණු 298 ක් සඳහන් කර ඇත.
දහවල් 12.15 වන විට පන්දු  ඕවර 4 කදී නවසීලන්තය කිසිවෙකු නොදැවී ලකුණු 46 ක් ලබා තිබුනා.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි