මෙතැන වුනේ කුමන්ත‍්‍රණයක් - ජැක්සන් මං වඳින්නං ගිය අය ගන්න එපා - රෝහණ අනේ අපි කඳුළු තද කරං ඉන්නෙ - දයාවතී හිටපු ජනපති හමුවෙන්න ඇවිත් කලාකරුවන් කියූ දේ

හිටපු ජනාධිපති මහින් රාජපක්ෂ මහතා නැවත බලයට ගෙනඒම සඳහා කලාකරුවන් පිරිසක් ඊයේ නාරාහේන්පිට අභයාරාමයේදී සාකච්ඡාවක් පැවැත්වුවා.ඒ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද සහභාග වුණා.

මෙම සාකච්ඡාව සඳහා ජැක්සන් ඇන්තනී,
රෝහණ වීරසිංහ, පාලිත පෙරේරා, ශ‍්‍රියන්ත මෙන්ඩිස් රොජර් සෙනෙවිරත්න, මධුමාධව අරවින්ද, නීලා වික‍්‍රමසිංහ, අනුෂා දමයන්ති, නිල්මිණී තෙන්නකෝන්, අසෝක සේරසිංහ, සුසිලා කෝට්ටගේ,  ඕෂදී හේවාමද්දුම සහ ගයේෂා පෙරේරා ඇතුළු කලාකරුවන් පිරිසක් සහ ස්වාධීන රූපවාහිනියේ සිටි

සුදර්මන් රදලියගොඩද එක්ව සිටියා.
මෙම අවස්ථාවේ කලාකරුවන් කිහිපදෙනෙකු දැක්වූ අදහස් මෙසේය.

ජැක්සන් ඇන්තනි
මෙතැන සිද්ධ වුනේ දේශපාලන කුමන්ත‍්‍රණයක්.වඳ ක‍්‍රියාවක්..ඒ කියන්නෙ න්‍යායක් නැතිව සිද්ධ වෙච්ච දෙයක් ..

නීලා වික‍්‍රමසිංහ
ජනාධිපති කෙනෙක් නං සිංහයෙක් වගේ වෙන්න  ඕන කොන්ද කෙලින් තියාගෙන වැඩකරන්න  ඕන.. තමන්ගෙ රට ගැන හොඳින් බලන්නට  ඕන..

රෝහණ වීරසිංහ
මේපාරවත් හරියටම අවංක මිනිස්සු ටික එකතු කරගන්න කියල මං වැඳල කියනව..

සුසිලා කෝට්ටගේ(දයාවතී)
ජනාධිපතිතුමනි බොහොම වේදනාවෙන් කතා කරන්නෙ..කඳුළු ගන්න බැරි නිසා තදකරගෙන ඉන්නෙ මේ සියලූම දෙනාම..මෙන්න වැන්දා ගිය අය ආපහු ගන්න එපා..

තවත් අය කියූ දෑද ඇතුළත් වීඩියෝව පහතින්

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්