දෙරණට ගියේ නිවුස් ඩිරෙක්ටර් ෆෝන් ආන්ස්ර් කරපු නැති නිසා - සිරස කියයි
අද සවස දෙරණ නාලිකාවේ ප‍්‍රවෘත්ති අංශයට සිරස නාලිකාවේ මාධ්‍යවේදීන් පිරිසක් ගොස් ඇතිකරන ලද උණුසුම් වාතාවරණය ගැන පුවතක් පළකරන සිරස නිවුස් ෆර්ස්ට් පවසා ඇත්තේ
කොළඹ කොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ඉදිරිපිට එචිලන් චතුරශ‍්‍රය ප‍්‍රදේශයේ පිහිටි ඉඩමේ හිමිකාරිත්වය මහාරාජා සංවිධානයට අයත් නැති බවට පුවතක් පළ කර තිබීම ප‍්‍රශ්න කිරීමට අවස්ථා කිහිපයකදී දෙරණ ප‍්‍රවෘත්ති අංශයේ අධ්‍යක්ෂ ශෙහාන් බරණගේ දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සහ කළද ඔහු ප‍්‍රතිචාර නොදැක්වූ නිසා
ඔවුන්ගේ ප‍්‍රතිචාර විමසීමට ඔවුන් දෙරණ නාලිකාවට ගිය බවත් එම අවස්ථාවේ අනපේක්ෂිත තත්වයක් නිර්මාණය වූ බවත්ය.
දෙරණ සේවකයින් විසින් ඔවුන්ව සිර කර ගනු ලැබ සිටි බවත් පසුව පොලීසිය මැදිහත් වී බේරා ගනු ලැබූ බවත්ය.
ප‍්‍රවෘත්තිය සම්බන්ධයෙන් කිව හැකි පදේ ගැන සාධාරණ අවස්ථාවක් ලබා දීමේ අරමුණ මත ප‍්‍රතිචාර ලබා ගැනීමට දෙරණ නාලිකාවට ගියද කලබල කර සිර කර තබාගෙන නිව්ස්ෆස්ට් කණ්ඩායමේ කැමරා උපකරණ පැහැරගෙන ගිය බවද සිරස පවසා ඇත.