මිහින් ලංකා යානය ඩකා යන්න ගිහින් පැයකින් ආපහු කටුනායක

බංග්ලාදේශයේ ඩකා නුවර බලා පියාසර කිරීම ඇරඹූ මිහින් ලංකා ගුවන් සේවයට අයත් යානයක් කාර්මික දෝෂයක් හේතුවෙන් පැයකට පසු යළිත් කටුනායක ගුවන් තොටුපොළට ගොඩබැස්වූ පුවතක් වාර්තා වනවා.
එහි මගීන් පැවසුවේ පෙරවරු 7.30 ට පිටත්වීමට සැලසුම් කර තිබූ යානය ගුවන් ගත කළේ පෙරවරු 9.30 ට පමණ බව ය.
එහෙත් කෙටි වේලාවකින් කාර්මික දෝෂයක් හටගත් බව පවසා යානය යළිත් කටුනායකට ගොඩබැස්ස වූ බව ඔවුන් ප‍්‍රකාශ කළා.
කෙසේ වෙතත් මිහින් ලංකා ආයතනයේ වගකිවයුතු නිලධාරියෙකු එම මගීන් ගමනාන්ත කරා යැවීම සම්බන්ධයෙන් පියවර නොගැනීම පිළිබඳව ඔවුන් චෝදනා කළේය.
මේ අතර ගුවන් තොටුපොළ කාර්යභාර නිලධාරියා පැවසුවේ කාර්මික දෝෂයකට ලක් වූ යානය ගුවන් නියමුවා විසින් අද පෙරවරු 10.45 ට පමණ යළිත් කටුනායක ගුවන් තොටුපොළට ගොඩබැස්ස වූ බවය

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි