දකුණු අප‍්‍රිකාව පරදා නවසීලන්තය අවසන් තරගයට

අද ලෝක කුසලාන අවසන් පූර්ව වටයේ පළමු තරගය දකුණු අප‍්‍රිකාව හා නවසීලන්තය අතර  ඕක්ලන්ඞ් හිදී පැවැත්වුණා.
මෙහිදී මුලින් පන්දුවට පහර දුන් දකුණු අප‍්‍රිකාව පන්දු  ඕවර 43 කදී කඩුළු 5 කට ලකුණු 281 ක් ලබාගත් අවස්ථාවේ වර්ෂාවෙන් බාධා ඇතිවු නිසා
තරගය තාවකාලිකව නතර වුණා. පසුව ඔවුනගේ ඉනිම නිමා කර නවසීලන්තයට පන්දුවට පහරදීමේ අවස්ථාව තරග තීරක ලබාදුන්නේ ඩක්වත් ලූවිස් නියමයෙන් එම  ඕවර ගණනම ක‍්‍රීඩා කරන්නට නවසීලන්තයට නියම කරමින් වුවද ඔවුනට ලබාගත යුතු ඉලක්කය ලෙස ලකුණු 298 ක් සඳහන් කර තිබුණා.
පසුව වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කළ නවසීලන්තය එම ඉලක්කය පසුකර ගියේ 43 වන  ඕවරයේදීය.
ඒ අනුව මෙවර ලෝක කුසලාන අවසන් මහ තරගයට තරග කිරීමට නවසීලන්තය තේරුණා.
ඊළඟට පැවැත්වෙන  ඕස්ටේ‍්‍රලියා ඉන්දියා දෙපිලෙන් ජයගන්නා පිල සමග නවසීලන්තය අවසන් තරගය තරග වදිනු ඇත.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්