එදා ප‍්‍රියන්ත දරුවොත් එක්ක අවුරුද්දට ඇඳුම් ගන්න යන්න හිටියේ ලක්මාල්ගෙ ගරාජ් එක හදන්න දීපු සල්ලි ආපහු ඉල්ලපු නිසා මරල තියෙන්නෙ - ප‍්‍රියන්ත සිරිසේනගේ බිරිය කියයි



ඝාතනයට ලක්වූ ජනපති මෛත‍්‍රිපාල සිරිසේනගේ බාල සොයුරු ප‍්‍රියන්ත සිරිසේනගේ
මරණය සම්බන්ධයෙන් ඔහුගේ බිරිය වන ගීතාංජනී සමන් කුමාරි (41)
අදහස් දක්වා තිබෙනවා.

ඇය ප‍්‍රකාශ කරන්නේ මිනීමරු ලක්මාල් කලෙක සිට ප‍්‍රියන්තගේ හොඳ මිතුරෙකු බව කියා තිබුණත් ඇය ඔහුව මේ දක්වා සියැසින් දැක නැති බවයි.
නමුත් ඔහුව ආශ‍්‍රය කළ බව හා ඔහුව මුණගැසෙන්නට අවසන් දවසේ යන්නට සිටි බව
තමා දැන සිටි බව ඇය හෙළි කරනවා.
ඝාතක ලක්මාල්ට අයත් බව කියන ගරාජය සාදා දෙන්නට ණයක් ලබාදී මුදල් වියදම් කළේ ප‍්‍රියන්ත බවත් එම මුදල් නැවත ලබාගැනීමේ ගැටලූවක් පැවති බවත් ඇය පවසනවා. එම මුදල් ඉල්ලීමේදී ඇතිවූ බහින්බස්වීමක් මත මෙම ආරවුල ඇතිවූවාදැයි සැක බව ඇය ප‍්‍රකාශ කරනවා.
‘සිද්ධිය වෙච්ච 26 වනදා දවල් මහත්තයා දුරකථනයෙන් කථාකරල මට

කිව්වා දරුවන්ටයි මටයි අලූත් අවුරුද්දට ඇඳුම් අරන් දෙන්න කදුරුවෙල ටවුන් එකට එන්න කියල..ඒත් ඒ ගමන එන්න මට ටිකක් ප‍්‍රමාද වුණා. ඒ අතරෙ තමයි එයා යාළුවා හම්බවෙන්න ගිහින් මේ අනතුරට ලක්වුණේ.

මේ වගේ විපතක් මහත්තයට වෙයි කියල මං හීනෙකින්වත් විශ්වාස කරේ නෑ. එයාත් එක්ක බිස්නස් වලදි පොඩි පොඩි ප‍්‍රශ්න තිබුණ අය හිටියා ඒත් මේ වගේ අපරාධයක් කරන්න තරම් හේතුවක් තිබුනෙ නෑ. මට අතක් උස්සන්න පොළොන්නරුවටම කෙනෙක් නෑ තියල තමා එයා නිතරම කියන්නෙ..

එයා දරුවන් ගැන පුළුවන් හැම වෙලාවෙම හොයල බැලූවා. මං ගැනත් බැලූවා. හැමෝටම උදව් උපකාර කරපු කෙනෙක්.  ඕනම කෙනෙකුගෙ මුදල් අමාරුවකදි උපකාර කරනවා.
පොරෝ පහර ගහපු කෙනාටත් උපකාර කළා.

මහත්තය කියල තියනව එයාගෙ ගරාජ් එක හදල දුන්නෙ මහත්තයගෙ සල්ලි වලින් කියල. ඒ විතරක් නෙමෙයි බිස්නස් එක කරන්න ලක්ෂ ගාණක් සල්ලි දීලත් තියනවා.
එදා එයාව හමුවන බව කියල දුරකථනයෙන් කලින් කථා කරල තිබුණා.
මේ සල්ලි ආපහු දෙන්න වෙයි කියල තමා මං හිතන්නෙ මේ අපරාධය කරන්න ඇත්තෙ.’

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ ලක්මාල් සපුතන්ත‍්‍රී ලබන 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර වැඩිදුර පරීක්ෂණ සිදුවේ.

ජනපති සොයුරු ප‍්‍රියන්ත සිරිසේනගේ අවසන් කටයුතු අද පොළොන්නරුවේදී සිදු කරන්නට

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්