ඇමතිකං වලට ගියේ කොන්දක් නැති අයයි - මහින්ද රාජපක්ෂ

කොන්දක් ඇති දේශපාලඥයන් කිසිවකු හවුල් ආණ්ඩුවේ මැති ඇමැතිකම් බාරගෙන නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. ගොවිජන සංවිධාන එකමුතුව එක්ව නාරාහේන්පිට අභයාරාම

විහාරස්ථානයේ ඊයේ (30) සංවිධානය කර තිබු ගොවි හමුවට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟු ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා එසේ ප‍්‍රකාශ කෙළේය.

මෙය ජාතික ආණ්ඩුවක් නොව අවුල් ආණ්ඩුවක් බවට පත්ව ඇති බවත් ඉදිරියේදි එය නිවැරැදිව බලාගත හැකි බවත් හෙතෙම කීවේය. 19 වැනි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ හිටපු ජනාධිපතිවරයාගෙන් මාධ්‍යවේදින් අදහස් විමසු විට එය තමන් ගැඹුරින් අධ්‍යනය කර නොමැති බවත් එහෙත් එහි ඇති ඇතැම් යෝජනා අවුල් සහගත බවත් කියා සිටියේය.

නුවන් කොඩිකාර

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි