මාලකට නයිට් ක්ලබ් ඕනෙමයි කිව්වට අධිකරණය බෑ බෑ කියයි
රාත‍්‍රි සමාජ ශාලාවලට ඇතුල්වීමට අවසර දෙන මෙන් හිටපු ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා කළ ඉල්ලීමක් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය ඊයේ(27) නැවත ප‍්‍රතික්ෂේප කළේය.
එම තීන්දුව දුන් මහේස්ත‍්‍රාත්වරයා
මාලක සිල්වාට මහජනයා ප‍්‍රසිද්ධියේ ගැවසෙන ස්ථානවල කලහකාරී අයුරින් හැසිරීම තහනම් කෙරෙන තවත් කොන්දේසියක් ද ප‍්‍රකාශයට පත් කළේය.
එම ඇප කොන්දේසි මගින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන හෙයින් ඒවා ඉවත් කරන ලෙසයි මාලක සිල්වා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එම ඉල්ලීම සැලකිල්ලට ගත් අධිකරණය දෙවන ඇප කොන්දේසිය ඉවත් කළ නමුත් රාත‍්‍රි සමාජ ශාලාවලට ඇතුල් වීමට අවසර දෙන මෙන් කළ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළේය.
රාත‍්‍රි සමාජ ශාලාවකදී බි‍්‍රතාන්‍ය ජාතික යුවළකට පහර දීමේ චෝදනා යටතේ රිමාන්ඞ් සිර භාරයට පත් කරනු ලැබ සිටි මාලක සිල්වාට අධිකරණය ඇප නියම කිරීමේදී රාත‍්‍රි සමාජ ශාලාවලට ඇතුල් වීම තහනම් කෙරෙන කොන්දේසියක් පනවා තිබේ.