ෆොන්සේකාගේ ෆීල්ඞ් මාර්ෂල් උත්සවේට සංගීතත් ඇවිත්


ප‍්‍රවීණ නිළි සංගීතා වීරරත්න හා ඇගේ සැමියා වන රොෂාන්ත පෙරේදා හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ෆීල්ඞ් මාර්ෂල් ධූරය සඳහා උසස් කිරීමේ උත්සවයට එක්ව සිටියා.

2010 මැතිවරණයට පෙර මහින්ද රාජපක්ෂ රජයට හිතවත්ව ක‍්‍රියා කළ සංගීතා හා ඇගේ සැමියා 2010 මැතිවරණ කාලයේ ජනපති ධූරයට තරග කළ සරත් ෆොන්සේකාට රහසින් සහය දැක්වූ බවට සැලවීම නිසා මහින්ද රජයෙන් ලැබුණ සියලූ වරප‍්‍රසාද ඉවත් කළ බවට මාධ්‍ය වාර්තා පළව තිබුණා.
 ඒ අනුව සියත නාලිකාවටද රජයේ දැන්වීම් නොලැබ ගිය බවත් රොෂාන්තගේ සොයුරා විදුලි සන්දේශන නියාමන කොමිෂමෙන්ද ඉවත් කළ බවත් වාර්තා විය.
දැන් නව රජය යටතේ සරත් ෆොන්සේකා මහතා ෆීල්ඞ් මාෂල් ධූරයට පත්කිරීමේ සතුට සංගීතාද බෙදාගෙන ඇති අයුරු ඡායාරූපවලින් දැක්වේ

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්