අනතුරට පත් ජනපති සොයුරු මියයයි
හිසට වැදුණු පහරක් නිසා බරපතල තුවාල සහිතව පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රී රෝහල් ගත කර තිබුණු ජනපති මෛත්‍රිපාල සිරිසේනගේ බාල සොයුරු ප්‍රියන්ත සිරිසේන ඊයේ රාත්‍රී 3.50 ට පමණ කොළඹ ද සෙන්ට්‍රල් රෝහලේ ස්නායු දැඩි සත්කාර ඒකකයේදී මරණයට පත්වූ බව වාර්තාවෙනවා.
ඔහුගේ හිස් කබලට හා මොළයේ පසුපස කොටසට මෙම පහරදීම නිසා බරපතල තුවාල ඇතිවූ අතර ඒ නිසා මොළයේ අභ්‍යන්තර රුධිර වහනයක් ඇති විය. ඔහුට ප්‍රතිකාර කළ සුප්‍රකට ස්නායු විශේෂඥ වෛද්‍ය සුනිල් පෙරේරා මහතා ඔහුගේ ජීවිත අවදානමින්
මුදවා ප්‍රතිකාර ලබාදීමට වෙහෙස ගත් නමුත් ඔහුගේ තුවාලවල තත්වය සංකීර්ණවීම නිසා මෙම මරණය සිදුව ඇති බව රෝහල් ආරංචි හෙළි කළා. ඇතිව තිබූ තුවාල නිසා ඔහු මියයන්නට හෝ සදාකාලික ආබාධ තත්වයෙන් පසුවන්නට ඉඩ තිබුණ බවද වාර්තා වුණා.
මියයන විට 42 වන වියේ සිටි ප්‍රියන්ත සිරිසේන මහතා රජරට බිල්ඩර්ස් නමින් වැලි ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය කෝටිපති ව්‍යාපාරිකයෙකි. ජනපති මෛත්‍රිපාල සිරිසේනගේ පවුලේ බාලයා වූයේ ඔහුය.විවාහකයෙක=වූ ඔහු තිදරැ පියෙකි.
බ්‍රහස්පතින්දා සවස පොලොන්නරුවේ හතරවෙනි ඇලේදී ඔහු මෙම ප්‍රහාරයට ලක් විය. ඔහුට පහර දුන්නේ ඔහුගේ හොඳම මිතුරෙකු බව කියන ලක්මාල් නමැත්තෙකි. ඔහු පොලිසියට ලබාදුන් කට උත්තරයේ කියැවුනේ ලක්මාල්ගේ ප්‍රශ්නයක් ගැන ප්‍රියන්ත ලක්මාල්ගේ දෙමාපියන් සමග කථාකරන්නට ගිය බවත් දෙමාපියන්ට පහර දෙන්නට ගියබවත් ඒ නිසා ඇතිවූ කෝපයට තමා ප්‍රියන්තට පහරදුන් බවත්ය. සිද්ධිය සිදුව තිබුනේ ලක්මාල්ට අයිති බව කියන ගරාජයක් පවත්වා යන ස්ථානයක ප්‍රියන්ත ගමන් කරමින් සිටියදීය.
ලක්මාල්ගේ නිවස එම ගරාජය අසළ පිහිටා තිබුණි. ලක්මාල් 34 වන වියේ පසුවූ තිදරු පියෙකි. ඔහුට දියණියන් තිදෙනෙකු සිටි අතර එම දියණියන් තිදෙනාත් මවත් පියාත් සමග ලක්මාල් එම නිවසේ පදිංචිව සිටියේය.ඔහුගේ බිරිය මැද පෙරදිග
රැකියාවක් කළ බවද වාර්තා වුණා. ලක්මාල් හා ප්‍රියන්ත දීර්ඝ කාලීන මිතුරන්ව සිටි බවත් ඔවුන් අතර විරසකය ඇතිවී තවමත් සති දෙක තුනක් බවත් කියැවුණා.
සිද්ධියට අදාළ ආරවුල මුදල් ප්‍රශ්නයක් නිසා හටගෙන ඇති බව පොලිසිය සැක කරනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ලක්මාල් ලබන මස 8 වැනිදා තෙක් රිමාන්ඞ් කිරීමට පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කර තිබුණි.
ජනපති මෛත්‍රිපාල සිරිසේන මේ වනවිටත් සිය චීන සංචාරයේ යෙදී සිටින අතර සොයුරාගේ අවසන් කටයුතු ලබන සඳුදා සවස පොළොන්නරුවේදී සිදු කරන්නට නියමිතය. මෘත දේහය ඇතුගල්පිටිය නිවසේ තැන්පත් කර ඇත