සුමංගල හිමි අලි විකුණූ බව හෙලිවෙයි

පන්නිපිටිය, දෙවුරම් වෙහෙර විහාරාධිපති කොළොන්නාවේ සුමංගල හිමි සන්තකයේ සිටි අලි තිදෙනෙකු මුදල් ගනුදෙනු පියවීම සඳහා සම්බෝධි

විහාරාධිපති ධරනාගම කුසල
ධම්ම හිමියන්ට විකුණා ඇති බවට ඊයේ (24දා) කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ දිලීප පීරිස් මහතා අනාවරණය කළේය.

ඔහු තවදුරටත් පැවසුවේ දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අලි රොෂාන් නමැත්තා මෙම සිද්ධි ජාලයේ ප‍්‍රධාන මොළකරු වන බවත්, තවදුරටත් පරීක්ෂණ කරගෙන යන බැවින් සැකකරුට ඇප දීමට විරුද්ධ වන බවත්ය.

අලි රොෂාන් නමැත්තා අපේ‍්‍රල් මස 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්