ෆීල්ඞ් මාෂල් වුණාට මං ඡන්දෙ ඉල්ලනවා - ෆොන්සේකා

ඊයේ කැලණිය රජමහා විහාරයේදී මාධ්‍ය අමතමින් ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙසේ පැවසුවා

ඉදිරියට මම මගේ නිල ඇඳුමේ ගෞරවය රැකගෙන රටේ ආරක්ෂාව ගැන යම්කිසි ප‍්‍රශ්නයක් තියෙනවා නම් මට අහක බලාගෙන ඉන්න බැහැ.ඒකනිසා මම එවැනි අවස්ථාවක අනිවාර්යෙන්ම මැදිහත් වෙනවා. නමුත් ඊට අමතරව මගේ දේශපාලන වැඩවල මම මෙතෙක් කල් ආපු ගමනේ ඉතුරු හරිය මම රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් ජනතාව වෙනුවෙන් ඒ ගමන ඉදිරියට ගෙනි යනවා
    අනිවාර්යෙන් මැතිවරණයට ඉදිරිපත් වෙනවා. මේ නිල ඇඳම ඇන්දම තරු 5හේ ජෙනරල්ලට දේශපාලනය කරන්න බැරි නැහැ. ඒගොල්ලෝ හමුදාවේ මෙහෙයුම් හෝ පරිපාලන වගකීම් දරන්නේ නැති හින්දා ලෝකයේ තරු 5හේ ජෙනරල්වරු රාජ්‍ය නායකයින් හැටියට ඉඳලා තියෙනවා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගරු කරන රටවල් විශාල සංඛ්‍යාවක. ඒක හන්දා දේශපාලනය කිරීමට මෙම නිල ඇඳුම ඇඳමේ අවහිරයක් නැහැ

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්