මධුමාධව ගැසුවෙ කෙප්පයක්ලූ -නාමල් උඩුගමට ජනපතිගෙන් මිලියනයක්
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjnOvQYIeJyIWoyvfMbrAslKQBZNR2mP47NW_4Y5Rqw88LDejazT2saLPwmyr3ytAD7LYIpZdksX8vlOu82xUgkrybrr_8uyJgHE5T2Bi21FgrWSjeVoG0H2XiStNnuur2ob6VmaLauiwE/s1600/namala1.jpg)
අක්මාවේ රෝගී තත්ත්වයක් ඇති
පුද්ගලයකුට ජනාධිපති අරමුදල මඟින් සාමාන්‍යයෙන් පිරිනමන්නේ රුපියල් ලක්ෂ 04ක මුදලක් වුවත් ජනාධිපතිවරයාගේ විශේෂ අනුමැතිය යටතේ රුපියල් මිලියනයක ආධාරයක් ගායන ශිල්පී නාමල් උඩුගම මහතාට පරිත්‍යාග කළේ හෙතෙම කලාකරුවකු ලෙස විශේෂ කොට සැලැකීම නිසා බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
අක්මාවේ දරුණු රෝගී තත්ත්වයකින් පසුවන ගායන ශිල්පී නාමල් උඩුගම මහතාට වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදීමට රුපියල් ලක්ෂ 64ක මුදලක් අවශ්‍යව ඇති බවත් සිය සංගමය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා දැනුවත් කළ විට ඔහු වෙනුවෙන් රුපියල් 10,000ක ආධාරයක් ලබාදීමට හැකිවූ බවත් ඒ සඳහා නාමල් උඩුගම මහතාගේ වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට තමාට කී බවත් පෙරේදා (24දා) මාධ්‍ය මඟින් ගායන ශිල්පී මධුමාධව අරවින්ද මහතා කළ ප‍්‍රකාශය පදනම් විරහිත බවත් ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කරයි.
ලක්ෂ්මී ජයකොඩි