රජයේ ප‍්‍රසූත නිවාඩු පුද්ගලික අංශයටත් සමානව ලැබෙයි

රාජ්‍ය අංශයේ සේවයේ නියුතු කාන්තාවන්ට හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු කාන්තාවන්ට ප‍්‍රසූත නිවාඩු හා සූතිකාධාර සමානව ලබාදීමට ඇමැති මණ්ඩලය තීරණය කර ඇත.

රාජ්‍ය අංශයේ නියුතු කාන්තාවන්ට දරු ප‍්‍රසූති වාර ගණන නොසලකා වැඩකරන දින 84 ක නිවාඩු හිමිකම් ලබන අතර පෞද්ගලික අංශයේ කාන්තාවන්ට පළමු හා දෙවන දරු ප‍්‍රසූතියේදී දින 84 ක නිවාඩුවක් හිමිවූ නමුත් තෙවැනි ප‍්‍රසූතියේ සිට ලැබෙනුයේ දින 42 ක නිවාඩුවක් පමණි.

එමෙන්ම වතු වැවිලි අංශයේ සේවාවේ නියුතු කාන්තාවන්ට සූතිකාධාර හිමිවනුයේ සෙසු කාන්තාවන්ට හිමිවන මුදලින් කොටසකි. එම විෂමතාවද ඉවත්කර සියලූ පිරිසට සමානව දීමනා හිමිකම් ලැබේ.

මේ සඳහා සූතිකාධාර ආඥ පනතට සහ සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳව පනතට සංශෝධන ඉදිරිපත් කිරීමටද තීරණය කෙරිණි. ඇමැති විෙඡ්දාස රාජපක්ෂ මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

රනිල් ධර්මසේන

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්