අද හෝ හෙට තවත් ඇමති ධූර 9 ක් - ෆයිසර්ට කැබිනට් පට්ටමක්

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන තවත් මන්ත‍්‍රීවරුන් 9 ක් අමාත්‍යවරුන් ලෙස අද හෝ හෙට දිවුරුම් දීමට නියමිත බවට දේශපාලන ආරංචි හෙළි කරනවා.
කැබිනට්, රාජ්‍ය නොවන සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර වල එසේ
මන්ත‍්‍රීවරුන් නව දෙනෙකු දිවුරුම්
දීමට නියමිතව ඇති බවත් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ ෆයිසර් මුස්තාපා මහතා වෙත මෙවර කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාදීමට ද යෝජනා වී ඇති බවත් වාර්තා වනවා.
 එමෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරියකට මෙවර කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාදීමට නියමිතය.
 ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා චීනයේ සංචාරය නිමා කර දිවයිනට පැමිණීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් අවසන් තීරණය ගනු ඇත.

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්